IMG-LOGO

වළෙන් ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් යයි

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ අයකු සුදුහුම්පල ප්‍රදේශයෙ දී  දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවේ ඔහුගේ අත මතින් දුම්රියක් ධාවනය වීම නිසා අත වෙන් වී බරපතල තුවා ලබා මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .

මහනුවර දංගොල්ල දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන් (44) නැමැති අයකු බවට රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ .

දුම්රිය මාර්ගය අසල කිසියම් පුද්ගලයකුගේ අතක් තිබෙනු දැක ඒ  පොලිසියට දැනුම් දී ඇත.

එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ .

මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ  දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට  ඇද වැටුන අවස්ථාවේ එයින් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහ කරද්දී දුම්රියකට තම අත හසු වූ බවයි .

අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ .

 

 



අදහස් (3)

වළෙන් ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් යයි

Perera Friday, 09 September 2022 10:52 AM

ලංකාවෙ ජනතාවටත් ඔය වගෙ වැඩක් තමයි වෙලා තියෙන්නෙ. ඝෝට එන්න දගලන කොට "මහා යකඩ යකා" අත් පා කපල දාන්න හදනව.

:       2       0

Bamunuarachchi Saturday, 10 September 2022 02:45 PM

මේක නම් මහා පුදුම කර්මය ඵලදීමක්. වලේ වැටිලා ගොඩ එනකොටම කොච්චිය ආපු එක...!

:       0       0

de silva Tuesday, 13 September 2022 01:45 PM

බීලාවත් හිටියද? නැතිනම් වැටිලා ඉන්නකොට කෝච්චියක් එන සද්දේ ඇහෙන්න ඕනෑනේ... හොඳ සිහියකින් සිටියා නම් රේල් පීලි අල්ලන්න යන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 453 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site