IMG-LOGO

විසඳුම් ඉල්ලා යාපනය වැසියෝ පාරට බසිති

( සිතුම් චතුරංග)

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් යාපනය සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් යාපනය කඳුරුගොඩ විහාරය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා පැමිණිමට නියමිතව තිබූ කදුරුගොඩ විහාරස්ථානය අසලට රැස්වූ පිරිස් විරෝධතාවයේ නිරතවූ අතර ඔවුන් පවසා සිටියේ උතුරු නැගෙනහිර ඉඩම්තුල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම් නවත්වන ලෙසයි.

එමෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටළුවට සාධාරණය ඉටුකරනු,උතුරු නැගෙනහිර ඉඩම් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට හා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අනෙකුත් ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අදාළ පිරිස විරෝධතාවයේ නිරතවූ අතර විරෝධතාවය හේතුවෙන් දැඩි පොලිස් ආරක්ෂාවක් විහාරස්ථානයට යොදවා තිබිණ.

විරෝධතාවත් සමඟ අග්‍රාමාත්‍යවරයා කදුරුගොඩ විහාරස්ථානය නිරීක්ෂණය කිරීමට නොපැමිණි අතර අගමැති ආරක්ෂක අංශ නිලධාරීන් හා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ද එම ඉවත්ව ගියහ.

විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවය පැවැත්වීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණි.

විරෝධතාවය පැවති ස්ථානයට දෙමළ ජාතික මහජන පෙරමුණ මන්ත්‍රීව සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද පැමිණ සිටියහ.

 

 

 

 



අදහස් (3)

විසඳුම් ඉල්ලා යාපනය වැසියෝ පාරට බසිති

සෙනෙවිරත්න Sunday, 20 March 2022 06:57 PM

ජයවේවා! මේ පාලකයන් ඉවත් කිරීමේ සටනට සහාය වන්න. උතුර දකුණ කියා නෑ.. මෙම මජර පාලකයින් රටම දුක්ඛිත තත්වයට පත්කර ඇත...

:       1       4

විදුර Sunday, 20 March 2022 08:46 PM

බැසිල් මාමා කුම්බලා මාළු කෑවානේ ඉන්දියාවේ ගිහින්. දැන් ඉතිං අපිට විඳවන්නයි තියෙන්නේ... තෑන්ක්ස් මෝදි මාමේ...

:       0       3

Deepal Nirosh Sunday, 20 March 2022 08:46 PM

එහෙනම් මේ ප්‍රදේශවලට ඉන්ධන, ගෑස්, පොහොර, ඖෂධ යනාදිය හිඟයක් නැතුව ඇති...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site