
වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමට දිල්ලි ප්‍රාන්ත බලධාරීහු තීරණය කළහ. වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් ලොව නගරයක් 'ලොක්ඩවුන්' කළ පළමු අවස්ථාව මෙය යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නවදිල්ලි අගනුවර පාසල් වසා දැමීමට ප්‍රාන්ත රජය සහ නගර බලධාරීන් ඒකමතිකව තීරණය කළේ පසුගිය සෙනසුරාදා (13) ය.
වසා දැමුණු පාසල් යළි විවෘත කිරීම සිදුවනු ඇත්තේ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ කාලගුණ විද්‍යාඥයන් ලබා දෙන දත්ත පාදක කර ගනිමින් යැයි දිල්ලි මහ ඇමැති අරවින්ජ් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
''දරුවන්ගේ ජීවිත අනතුරේ දමන්න අප සූදානම් නැහැ. පාසල් සතියක් වසා දැමීමට තීරණය කළේ ඒ අනුවයි. කෙසේ නමුත් සතියකින් පසු පාසල් විවෘත කරනවා ද තවදුරටත් පාසල් වසා තබනවා ද යන්න තීරණය කරන්නේ කාලගුණ විද්‍යාඥයන් ලබා දෙන වාර්තා අනුවයි.'' යැයි මහ ඇමැති කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
මේ වනවිට නවදිල්ලි අගනුවර සියලු ඉදිකිරීම් වැඩ පවා තාවකාලිකව සිවු දිනකට නවතා දමා ඇති බවත්, නගරයට පිවිසෙන වාහන සීමා කිරීමටත් පියවර ගෙන ඇත. රජයේ සේවකයන් බොහෝ දෙනකුට නිවසේ සිට රැකියාව කිරීමට අවසර ලැබී ඇති අතර, සේවක සේවිකාවන් හැකි තරම් නිවෙස්වල රඳවා සේවා ලබා ගැනීමට පියවර ගන්නැයි දිල්ලි රජය පෞද්ගලික අංශයට දන්වා ඇත.
අද වනවිට ලොව වඩාත්ම දූෂිත නගරයක් ලෙස සැලකෙන්නේ නවදිල්ලියයි. වායු දූෂණය ඉහවහා ගොස් නවදිල්ලි අගනුවර 'ලොක්ඩවුන්' කිරීමට බලධාරීන්ට සිදුවූයේ දීවාලී සැමරුමෙන් පසු නවදිල්ලිය විෂ දුමාරයකින් වසී යෑමත් සමඟය.
විෂ දුමාරයකින් නගරය වැසී ගියේ දීවාලි සැමරුම් සඳහා ගිනිකෙළි සහ පිදුරු දැල්වීමට දිල්ලි වැසියන් කටයුතු කළ බැවිනි. මේ වනවිට දිල්ලි වැසියන්ගෙන් සියයට 80 ක් හිසරදය ඇතුළු ශ්වසන ආබාධවලින් පෙළෙනවා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
631
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු දූෂණය ඉහළට: දිල්ලිය ලොක්ඩවුන්