IMG-LOGO

විදුලි සේවකයෝ 2021 ලෙඩ නිවාඩු දීමනා ඉල්ලති

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙතෙක් නොගෙවූ 2021 වසරේ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ලබාදෙන ලෙස එහි වෘත්තිය සමිති පාලන අධිකාරියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් වසරකට හිමි වෛද්‍ය නිවාඩු 21 ලබානොගත හොත් මාසික වැටුපක දිරිදීමනාවක් හිමිවන අතර ඉතිරිව තිබෙන නිවාඩු ගණන අනුව සෙසු දීමනාව තීරණ වේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පසුගිය වසර (2022) සඳහා ප්‍රසාද දීමනාව සහ වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ද මේ දක්වා ලැබී නොමැත.  

‘කොවිඩ්’ වසංගත තත්වය පැවැති 2021 වසරේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවුවද වෛද්‍ය නිවාඩු දිරිදීමනාව ගෙවා නොමැති බවත් සේවකයන් වැඩි කාලයක් නිවසේ සිට කටයුතු කිරීම හේතුවෙන් එය නොගෙවූ බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සේවකයන්ගේ එම ඉල්ලීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව කී එම නිලධාරියා ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් කළේය.  



අදහස් (6)

විදුලි සේවකයෝ 2021 ලෙඩ නිවාඩු දීමනා ඉල්ලති

Prabha Tuesday, 21 February 2023 05:03 PM

අලුත් අවුරුදු බෝනස්, නත්තල් බෝනස්... ලෙඩවෙන්නේ නැතිව හිටියට බෝනස්...

:       0       1

saliya Tuesday, 21 February 2023 06:42 PM

කාපාලුවන්...!

:       0       0

චන්දන Tuesday, 21 February 2023 07:46 PM

ලයිට් බිිල වැඩි කරන්නේ ඕකටනේ. දැන් ගෙවාපල්ලා...!

:       0       0

Gayan Tuesday, 21 February 2023 08:47 PM

අපේ බිල් වැඩි කරලා නුඹලා හැම දීමනාවක්ම අරගනිල්ලා... නුඹලාට හෙණ හතම ගහයි බලාගෙන ඉඳපල්ලා... ගෙදර හිටපු අවුරුද්දටත් සල්ලි ඉල්ලන්න බලන් ඉන්න.

:       0       0

Sujeewa Tuesday, 21 February 2023 09:58 PM

පට්ට හොරු රැල මොකටද ඒ පාර එන්නෙ? පුද්ගලික අංශයටත් වඩා පඩි අරගෙන, හොරකම් කර, පගා ගසලා, CEB ය බංකො‌ලොත් කර, මුලු රටම අඳුරේ දමා, මාස ගනම් බොනස් ලබාගත්තා මදිවට, මාස 12 පඩියට අමතරව තවත් මාසයක පඩි දෙන්නලු ලෙඩ නිවාඩු කියලා. මුන් එක්ක බලාගෙන ගියාම, ‌දේශපාලකයො කොයිතරම් වටිනවාද?

:       0       0

Bamunuarachchi Thursday, 23 February 2023 08:20 PM

පේනවා මෙදා ජනතාවගේ සල්ලි කොල්ල කාලා තිබෙන හැටි.... ගෙදර ඉඳන් මනු කියවන්න ඇති. මොවුන් හිතේ හැටියට ජනතාව හුරන් කාලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 621 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site