(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (28) පස්වරු පැවසීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 7 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.30 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලි කප්පාදුව පැය හතහමාරකට දිගුවෙයි
මහසෙන් Monday, 28 March 2022 05:44 PM
එපාවෙන තරමට කලකිරුණු කාලකන්නි හැඟීමක් එන්නේ මේ රට ගැන. අවුරුදු 70ක් තිස්සේ තට්ටු මාරුවට රට මේ මූසල අන්ධකාරයට ඇද දැමූ දේශපාලු, නිලධාරින් රොත්තට ශාපවේවා...!
ඉන්දික Monday, 28 March 2022 05:49 PM
මේක කරන පදනම මොකක්ද? සමහර පැතිවල කපන්නේම නෑ. සමහරුන්ට වැඩිපුර කපනවා. වෙලාවට කරන්නෙත් නෑ.
කිරි පුතා Monday, 28 March 2022 07:09 PM
සැබෑවටම දුර්වල පාලනයක්... වර්තමානයේ පාලකයින් සහ 77න් පසු රට පාලනය කළ සියල්ලන් මීට වගකිව යුතුයි... මිනිසුන් කබලෙන් ලිපට වැටිලයි ඉන්නේ...
Jcn Monday, 28 March 2022 07:46 PM
කිසිදාක විදුලිය නොකැපෙන ප්‍රදේශවල පාඩුවත් හැමදාම කැපෙන ප්‍රදේශ වලින්ම මකා ගන්නවා.. හැම තැනම විදුලිය කැපෙනවා නම් පැය හතක් කපන්න වෙන්නේ නෑ. අපේ කරුමේ තමයි.