IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

ඉංග්‍රීසි ව්‍යාකරණ දෝෂ රාශියක් ඇති මෙම වෙබ් අඩවිය පිරමීඩ ක්‍රමයක් බව අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් අලුත් ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගනිමින් පැරණි ආයෝජකයන්ට මුදල් ගෙවන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවිය ක්‍රිප්ටෝ ආයෝජන ක්‍රමයක් ලෙස හැඳින්වූවත් ස්පෝර්ට්ස් චේන් නමින් ලියාපදිංචි ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් හෝ වත්කමක් නොමැති බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.මේ පිළිබඳ අල් ජසීරා පුවත්පතට තොරතුරු ලබා දුන් පුද්ගලයන් දෙදෙනාට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් අහිමි වී තිබෙන බවත් ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ ආයෝජනය කිරීම පිළිබඳ ඔවුන් කණගාටු වන බවත් අල් ජසීරා පුවත් සේවය පැවසුවේය.

වයස අවුරුදු 30-40 අතර මධ්‍යම පන්තියේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් මෙම වංචාවට හසු වී තිබෙන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

ඇතැම් පුද්ගලයන් තම පවුලේ සාමාජිකයන්ට නොදන්වා තම දේපළ විකුණා එම මුදල් මෙහි ආයෝජනය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දුන්නේය.

එක් පුද්ගලයෙකු තම දේපළ විකුණා රුපියල් ලක්ෂ 22 ක මුදලක් ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර ඇති බවත් ඔහුට ආපසු ලැබී ඇත්තේ ලක්ෂ දෙකක මුදලක් බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.රට රැකියා වල නිරත වන ශ්‍රී ලාංකිකයන්ද ස්පෝර්ට්ස් චේන් හි ආයෝජනය කර තිබෙන බව එම පුවත් සේවය පෙන්වා දුන්නේය.



අදහස් (13)

ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා

Gamini hemachandra Monday, 15 August 2022 08:18 PM

කෝටි ගණන් අහින්සක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු වංචාවක්. විමර්ශනයක් කරන්න.

:       3       38

බී.ජී.ජේ.කේ.කුමර Monday, 15 August 2022 10:52 PM

ලක්ෂ 10න් දෙකයි ලැබුනේ. Cripto කියලා අපි රැවැට්ටුවා. සල්ලි හොයාගත්තෙ බැංකු ණයකින්.

:       0       0

Kanchana Madusha Monday, 15 August 2022 11:47 PM

මොවුන්ට තලන්න ඕනේ... මෙහෙම නෙමෙයි මොවුන්ගේ රෙදි ගලවන්න ඕනේ.. පණුවෝ ගහලා මැරෙන්නේ...

:       0       0

සුදු ඇදගෙන කලු ඇවිදින් Tuesday, 16 August 2022 01:27 AM

මේවටත් එක්තරා විදියට සමාජ මාධ්‍යත් වග කියන්න ඕනෙ. මොකද ඕනම බොරුවක් කට උල් කරලා කිව්වම ලොකු ප්‍රචාරයක් දෙනවනෙ.

:       0       1

Senarath Tuesday, 16 August 2022 09:16 AM

අපේ රටේ ෂාක්ෂරතාවය ගොඩක් හොදයි කියල උදම් ඇනුවට වැඩිහරියක් ඉන්නේ රට මෝඩයෝ. පත්තරවල මෙවැනි වන්චාවන් ගැන නිතරම යනවා. ඒ උනාට මේ වගේ කපටියන්ට අහුවෙලා මුළු සේසතම නැතිකර ගන්නවා.

:       0       13

sam Tuesday, 16 August 2022 10:36 AM

වැඩි ලාබයත්, වැඩි තන්හාවටත් ගියාට හොඳ වැඩේ.

:       1       11

Nuwan Tuesday, 16 August 2022 11:28 AM

Please provide original source link of al Jazeera.

:       1       3

Sarath Tuesday, 16 August 2022 12:54 PM

මමත් අහූ උනා. කුරුණෑගල ශයාමල් බන්ඩාර කියලා කෙනෙක් තමයි ලන්කාවට ගෙනාවෙ. මේ ලගදිත් රෙකෝඩ් එකක් දාලා තිබ්බා ජනවාරි වල binance ලිස්ට් කරනව කියලා. තව Leaders ලා ඉන්නව. දෙවෙනියා ශාන්. ප්‍රසන්න සහ නාගම කුරුණෑගල හොදටම කරනව..

:       1       5

කළුගම්තොට පිම්පියා Thursday, 18 August 2022 02:09 AM

කවුද ගම්පහ අප්‍රසන්න බඩාද...? මිනිහා ඔය වැඩේ නීතිගත කරයිද දන්නෙත් නැහැ. මීළඟ වතාවේ ඔවුන්ගේ ගෙවල් ගිනිතියන අයටයි මේ කියන්නේ " ඔය හොරුන්වත් ඇතුලට දමලාම ගිනිතියන්න. අනාගත පරපුර ඔබට මල් පුදාවි...

:       0       0

D.P KASTHURIARAHHI Tuesday, 16 August 2022 08:12 PM

මේකෙ ටොප් ලීඩර් ශිප් එකේ ඉන්නේ රජයේ රැකියා කරන කීපදෙනෙක්...!

:       0       0

Amarasinghe Wednesday, 17 August 2022 09:30 AM

අපිත් අහු උනා ලක්ෂ 40ක් දැම්මා ජීවිත කාලේ පුරාම හම්බ කරපු සල්ලි..හම්බුනේ ලක්ෂ 2කයි..අපි ඉවරයි..මුන් ට වැහි නැති හෙන ගහන්නේ

:       0       1

ravin Thursday, 18 August 2022 02:05 AM

කබරාල්ගේ අලුත් වැඩක්. පිරමිඩ් රජා කොතනද එතන මගඩියක්...අසුචි ගොඩක්. රාජපස්ස හොර පවුලයි ,ඔය මොලේ අමාරුකාරයාවයි කුඩුවට දමන්නේ කවුද ..? ඔහු හෝ ඇය කවුරු වුනත් මේ රටේ ජනාධිපතිකමට සුදුසුම කෙනා ඒ තමා.

:       0       2

sampath Thursday, 18 August 2022 12:00 PM

මෙවගේ මෝඩ වැඩ කරන මිනිසු ගැන පත්තරවල දාන්නවත් හොද නෑ. තන්හාවට කරන මොඩ වැඩ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 430 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 450 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 709 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 613 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site