රුසියානු - යුක්රේන සාම සාකච්ඡා අලුත් වටයකින් ආරම්භ කෙරෙන බව වාර්තා වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ගණන් නැවත වරක් අද (29) පෙරවරුවේ පහළ වැටිණි.
එමෙන්ම චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ෂැංහැයි, කොවිඩ්-19 තර්ජනයක් හේතුවෙන් වසා දැමීමත් සමඟ ඉන්ධන ඉල්ලුමේ අඩුවක් වනු ඇතැයි චීනය බිය පළ කර ඇත.
අද උදයවරුවේ නිකුත් කෙරුණු නවතම මිල ගණන්වලට අනුව බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිලිය ඇමෙරිකානු ඩොලර් 109.97 ක් ලෙස දැක්විණි. ඊට පෙර අලුයම් කාලයේ දී තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 111.41ක මිලකට අලෙවි වෙමින් තිබිණි. මෙය සියයට 1.0 එනම් ඇමෙරිකානු ඩොලර් 1.07ක පහළ වැටීමක් යැයි සඳහන් විණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 103.46ක් දක්වා අඩු ව තිබිණි. ඊට පෙර එය ඇමෙරිකානු ඩොලර් 105.17ක් ලෙස දැක්විණි. මෙම මිල ගණන් අඩු වීම පෙර දිනයට සාපේක්ෂව සියයට 0.8ක එනම් ශත 79ක අඩු වීමකි.
මෙම මිල ගණන් අඩුවීම හේතුවෙන් බොරතෙල් වෙළෙඳපොළ යම් පාඩුවක් සිදුව තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
මෙම වෙළෙඳපොළ දෙකේ ම කොන්ත්‍රාත්කරුවන්ට සහ වෙළෙඳපොළ දෙකට සඳුදා දිනයේ දී සිදු වූ පාඩුව සියයට 7කට ආසන්න යැයි එම වාර්තාවේ දැක්විණි.
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී අද ආරම්භ වීම ට නියමිත ය.
සති දෙකකට පසු පැවැත්වෙන පළමු සාම සාකච්ඡා වටය මෙය වේ.
(රොයිටර්ස්) - (055)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලෝක වෙළෙඳපොළේ තෙල්මිල පහළට