
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(3)පැවැත්විණි.
මෙම හමුව සත්‍යන්ජල් පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාවේ සිය තෙවසරක ධුර කාලය අවසන් කර මෙරටින් පිටව යාමට පෙර සිදුවූ අවසන් හමුවීම ලෙස සටහන් විය.
එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාවය ශක්තිමත් කිරීම උදෙසා පසුගිය කාලයේ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර ඒ සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් දක්වන ලද මිත්‍රශීලී දායකත්වය අගය කෙරිණි.
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිම කර යන සත්‍යන්ජල් පාණ්ඩේ මහතාට ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී සුබ පැතුම් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ මුන්ට ලැජ්ජාවක් තිබෙන්නේ ඕනේ එක්කෝ උන්ට ලැජ්ජාවක් තිබෙන්නේ ඕනේ , කාලයක් ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරන්න ඉන්දියාවෙන් ගෙන්වපු අල ලුණු වැනි දේවල් විකුනපු සිල්ලර බඩු විකුණන කඩවල මුදලාලිලාට දස වද දුන්න සමහර මුදලාලිලා මරල දමපු පක්ෂයක පක්ෂ කාර්යාලයකට ගිහින් ලේකම් කෙනක් හම්බවෙන්න තරම් ඉන්දියාවේ තානාපති නිවට වෙලා ,
කලකදි වහලු කලකදි රස වෙනවාලු. 88 සහ 89 මතකද ?
සුදු කොන්ඩේ කළු පාටින් පාට කරගෙන , කොණ්ඩෙට ගැලපෙන කමිසේ , කලිසම බඳ පටිය අදෙගෙන කොල්ලෙක් වගේ ඉන්න ටිල්වින් සීයා හමු වෙලා යන්න , ගෙදර යන්න කලින් ඉන්දයාවේ තානාපතිත් එනවා , 80 ගණන් වලම අර ප්රභාකරන් කලා වගේ ඉන්දියාව එක්ක ඩිල් එක දැම්මා නම් JR ව බය කරගෙන රජීව් උතුර කොටියට දෙන ගිවිසුම ගහපු වෙලාවේ දකුණ JVP එකට ගන්න තිබුණ , අපරාදේ එදා ඉන්දියන් බඩු වික්ක කියල අහිංසක මිනිස්සු මැරුවේ , ඉන්දියාවෙන් ගෙනාව කියල ලංගම බස් ගිනි තිබ්බේ ,