IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘රුසියාවට ගුවන් ගමන් ඉක්මනින් අරඹනවා‘

 (අංජුල මහික වීරරත්න)

රක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත් හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අර්බුදයට ලක් වූ රක්ෂණ ආවරණය වෙනුවට විකල්ප රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා සාකච්ඡා කරමින් සිටින බව ද සංචාරක අමාත්‍යවරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කළ කොළඹ - මොස්කව් අතර සෘජු ගුවන් ගමන් සඳුදා (28) සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කෙරිණ. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා රක්ෂණය කර ඇති බ්‍රිතාන්‍ය ගුවන් සමාගම රුසියාවට ගමන් කරන ශ්‍රී ලංකන් ගුවන් යානා රක්ෂණය අවලංගු කිරිමට ගත් තීරණය ලෙස ගුවන් ගමන් අත්හිටු වීමට සිදුවිය.

මෙය ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තීරණයක් නොවන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර සිදුවීමක් හේතුවෙන් අදාළ ගුවන් සමාගමට මුහුණ පෑමට සිදු වු තත්ත්වයක් බව කී සංචාරක අමාත්‍යවරයා  රුසියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අත් හිටුවීම රජයට සිදු වූ බලපෑමක් නිසා සිදු වු බවටත්, රුසියාවට එරෙහිව ගත් තීරණයක් බවටත් පළවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවද පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ 2021 වසරේ ජුලි 31 වැනදායි. ඒ අනුව  කොළඹ හා මොස්කව් අතර සතියකට ගුවන් ගමන් වාර 02 ක්  ක්‍රියාත්මක කෙරිණි.



අදහස් (0)

‘රුසියාවට ගුවන් ගමන් ඉක්මනින් අරඹනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site