
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගත්තේ ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනා විටින් විට රහස් පොලිසියට කැඳවා මානසික පීඩනයට ලක් කිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනපති රනිල් ලංකාවේදී ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවහොත් රහස් පොලීසිය සහ රජය කුමන ආකාරයට හැසිරේවිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතින බවද වජිර අබේවර්ධන මහතා කීය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ලංකාවේ ප්‍රතිකාර නොගෙන සිංගප්පූරුවට ගියේ ඇයිදැයි දැන් ඇතැමුන් අසනවා.
එතුමාට බරපතල තත්ත්වයක් තිබෙන බවට වාර්තා කරන ලද ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හත්දෙනාට කරන ලද මානසික පීඩනය දෙස බැලූ විට, නැවත එතුමා වෙනත් ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවත් කුමන ආකාරයට රහස් පොලීසිය සහ රජය හැසිරෙයිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතිනවා.
අවසාන වශයෙන් මතක තබා ගත යුතුයි. 76 වසරක් ඉතාමත් හොඳ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් සහ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු නිර්මාණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. නමුත් 76 වසරක් පුරාවට අපි අසමත් වෙලා තිබෙනවා හොඳ රාජ්‍යයක් සහ හොඳ ආණ්ඩුකරණයක් ඇති කරන්න.
ඒ නිසා විදෙස් රටක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිකාර ගැනීම තුළ වෛද්‍යවරු රහස් පොලීසියට ගෙනියන්නත් බැහැ, එවැනි ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ, එවැනි සැක සහිත අවස්ථාවක ගත යුතු හොඳම තීරණය තමයි, ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා අදාල ප්‍රතිකාර ලබා ගැනීම යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ ටොම්පචයා කියලා අපි දන්නවා..
හොරුන්ට හා වැරදිකරුවන්ට නිදහසේ ඡිවත්විය නොහැක ,ඒකයි ලෝ්කෙ හැටි
ඔය නාකියා මරන්න දොස්තරලාට පිස්සුද.
මෙයාව මානසික රෝහලකට යවන්න පිස්සු කියවනවා වැඩී!
රනිල්ගෙ පරම්පරාවම කෑවෙ බිව්වෙ ඇන්දේ බෙහෙත් ගත්තෙ කතාකලෙ බටහිර රටවල්වලින්,, බොරුවට දෙශප්ප්රෙමි කමක් පෙන්නන්නෙ චංදය මංකොල්ල කෑමට,, ලංකාවේ මිනිස්සු හොදින් දන්නවා UNP කියන්නේ කාගෙ කව්ද කියලා.
හම්මෝ ඒක...
අත අවුරුදු හතළිස් ගානක් පාර්ලිමේන්තුවේ හිටියා . විපක්ෂ නායක,අගමැති, ඇමති, ජනාධිපති තනතුරේ හිටියා. එයා දියුණු කරපු සෞඛ්‍ය තමයි මේ. දුප්පත් මිනිහට සිංගප්පූ යන්න්න පුළුවන්ද?
මේ කතාව පිළිගන්න ලංකාවේ කොණ්ඩේ බැඳපු චීනු ඉන්නවා කියලද “වජිර” හිතාගෙන ඉන්නේ…? මෙයාගේ මුහුණෙන්ම පේනවා අමු කැවිලා වගේ කියලා නේද?
ඔය සිංගප්පුරුවේ ඉස්පිරිතාලේ ලංකාවේ දේශකාපාලුවන්ගෙන් ජරාව ගන්න බවක් (ලෙඩාට අවශ්‍ය විදිහට වයිද්ය සහතික නිකුත් කරන්න ) සමහරු කියනවා. කුඩු දුමියාගේ මොලය පිටතට අරගෙන සැත්කම කලබවට ෆොටෝස් පවා නිකුත් කළා. නමුත් බටහිර වයිද්ය විශේෂඥයෙක් ප්‍රකාෂකලා ඒ ෆොටෝ බොරු ඒවා, මෙතෙක් කලකට මොලයක් පිටතට අරගෙන සැත්කම් නොකලබවත් ,එහෙම කරන්නත් බැරි බවත්.පතෝල සිරාගේ වයිද්ය වාර්තාත් අමුතුයි.අපි බලාගෙන ඉමු සීයා ධමනියේ බ්ලොක් එක ඇරගෙන ඇවිත් ආයෙත් සැරයක් පිස්සුවක් කෙලින හැටි. හැබැයි ..සීයාගේ නඩුව මේ මාසේ ..
බොරු සහතික දීල මේ යෝධය දැඩි සත්කාර ඒකකයට දාපු හොර ජොස්තරල ගැන හොයන්න එපා කියලද කොට වජිරය කියන්නෙ
බොරුකියන්න එපා බං, අන්න කර අඹපු එක යූ ටියුබ් එකේ තියෙනව.
මේකා කියන ගොබ්බ කතා ජනතාව අධෝ් වාතයක් තරම්වත් ගනංගන්නෙ නැති බව තේරැම් ගන්න මේකාට තව අවුරැදු 76 ක් ගියත් බැරිවේවි.
උඹ නම් ලබන ආත්මයේ තවත් කොට වෙයි. එහෙම නැත්නම් නරියෙක් වෙලා තමයි උපදින්නේ.”
හහ හහ මේවට කොහෙන් හිනාවෙන්නද. ඉස්සරත් රනිල් සිංගප්පූරු ගිහින් බෙහෙත් ගත්තේ මේ නිසාද, නිකන් බොරු නොකියා ඉන්නවා.
මීට කලින් ඒවා කලෙත් සිංගප්පූරුවෙ හරි ඇමරිකාවෙ හරි නේද? එයාගෙ තාත්තා නැති උනෙත් ඇමෙරිකාවේ නේද
අසරන මිනිස්සුන්ගෙ මුදල් වලින් ඉස්තරම්ම කජු කාපුවට මොලේට තෙල් බැහැලා. ඒකයි අනිත් එක එයා දන්නවා කෙහෙලියගෙ හොර බෙහෙත් ගන්න ගියොත් පරලොව යනවා කියලා
ජාතික අපරාදයක්, සල්ලි කාගෙද ?