IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යළි අනතුරක් විමලවීර ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.

මේ තත්වය නිසා බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ විවිධ ස්ථානවල සැඟවී බව සඳහන් කළ දිසානායක මහතා විසි එක් වැනි සංශෝධනයට සහය නොදුනහොත් ගමට පැමිණීමට නොහැකි වේවි යැයි ඕමල්පේ සෝභිත නාහිමියන් කළ ප්‍රකාශයෙන් උන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කර ඇතැයිද ප්‍රකාශ කළේය.

දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ කපුටු කාක් කියා ගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බවද විමලවීර දිසානායක මහතා පැවසීය.

ඒ සියලු ප්‍රහාර යට සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (35)

යළි අනතුරක් විමලවීර ඉන්දියාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Bamunuarachchi Sunday, 29 May 2022 07:53 AM

ඔබලාට ආරක්ෂාව සපයන්න අනෙක් කට්ටියව ඉතියෝපියාවට යවමු. මොකද ඔච්චර බය? ඔහෙලාට පිස්තෝල දුන්නේ ලස්සනට තියන් ඉන්න නොවෙයි.., ජීවිත ආරක්ෂාවට.

:       8       12

fairoosSunday, 29 May 2022 04:53 PM

අනේ බමුණා, බෞද්ධයින් ලංකාවට ආපු තැනටමනේ යන්න හදන්නේ.., යන්න දෙන්නකෝ..!

:       7       6

BamunuarachchiMonday, 30 May 2022 08:24 AM

බෞද්ධයින් ඉන්දියාවෙන් ලංකාවට ආවේ නැහැ... බුද්ධාගම ඉන්දියාවෙන් ලංකාවට ආවා. මෙහෙ සිටිය සිංහලයින් බෞද්ධයින් වුණා. හැබැයි මුස්ලිම් ආගම ලංකාවට දකුණු ඉන්දියාවෙන් මෙහෙ බින්න බැස්ස හම්බයින් ගෙනාවා. ඔවුන් ගම්මිරිස් හොයන්න ආවේ මුස්ලිම් ආගම එක්ක. තේරුණාද?

:       2       3

Bamunuarachchi Sunday, 29 May 2022 07:54 AM

මොකද ඔච්චර බය..? ඔහෙලාට පිස්තෝල දුන්නේ ලස්සනට තියන් ඉන්න නොවෙයි ජීවිත ආරක්ෂාවට... වෙලාවට පාවිච්චිය ගන්නවා. පිස්තෝලේ පෙට්ටගමේ දාලා දුම් අල්ලන්නේ නැතුව කොට්ටේ යටින් තියා ගන්නවා. ගොබ්බ ටෙලිනාට්‍ය බලන්නේ නැතුව ඇමෙරිකන් මූවිස් ටිකක් බලනවා.

:       9       8

BamunuarachchiMonday, 30 May 2022 08:29 AM

හිස් පිස්තෝලය කොට්ටය යටින් තියාගන්නත් එපා.. ක්ලිප් කරලා තියාගන්න. ඒ කියන්නේ පතුරම් පුරවලා තියාගන්න. තුවක්කුව අතට අරන් වෙවුලන්නත් එපා...

:       2       2

මහී Sunday, 29 May 2022 08:09 AM

විමලවීර කියන්නේ බොහොම පුංචි තැනකින් ඇවිත් පාසල් අධ්‍යයනය කඩාගෙන වැටිලා තනියම මහන්සි වෙලා උපාධියක් දක්වා ගිය මිනිහෙක්... කණගාටුයි සියලු පහසුකම් දීලත් ඉගෙනීම විතරක් නොකරන පිරිසක් හින්දා මරණ බියෙන් ජීවිතේ ගෙවීම හා මේ රටේ මැරයින්ට ආවඩන අය සිටීම. මං මේ මනුස්සයාට තියා කපුටු පක්ෂයට වත් ඡන්දෙ දීලා නෑ...

:       15       25

Mahesh Sunday, 29 May 2022 08:15 AM

මේ රතු තක්කඩින් නිතරම අපේ රට විනාශ කළා.. ඔවුන්ට උද්ඝෝෂණ, අරගල විතරයි කරන්න පුළුවන්...

:       44       20

kasun Sunday, 29 May 2022 08:24 AM

මෙන්න මෙයාව ඉන්දියවට අරගෙන යන්න... මෙලෝ වැඩක් නැහැ.

:       9       31

කමල් Sunday, 29 May 2022 08:36 AM

එය සත්‍යයක් ඇමැතිතුමා. මේ රජය ජවිපය හමුවේ ඉතා බියසුලු වී ඇති බව පෙනේ. ජවිපය කෙතරම් දරුණු ද යන්න අපට 88-89දී මෙන්ම 09දා එල්ලකල ම්ලේච්ඡ ගිනිකෙලි සංදර්ශනයෙන් ප්‍රත්‍යක්ෂ විය. ඔවුන් අදහන්නේ ගිනි දෙවියන්ය. සියල්ල ගිනිදෙවියන්ට පිදීම ඔවුන්ගේ චාරිත්‍රයයි. එබැවින් මම මගේ අදහස වෙනස් කළෙමි. මම ඔවුන්ට කිසිවිටෙක ඡන්දයක් නොදෙමි. 69 ලක්ෂයක ඡන්දයක් ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි මහින්ද රජපක්ෂ අගමැතිතුමාට කළ අපහාස, නින්දා හේතුවෙන් ඔහුගේ පාක්ෂිකයින් ඔවුන් හමුවට පැමිණියේය. එහිදී එතුමන්ට අපහාස කරන අයට පහරදීමට පාක්ෂිකයින්ට සිත්වූයේ නිරායාසයෙන්ය. එම මහමග සිදුවූ ගැටුමහේතු කරගෙන නිවාස ගිනිතබා දේපළ විනාශකලේ අධම ආකාරයෙනි. එකරැයක එකම පෝස්ටරය රටේ සෑම තැනකම ඇලවීමට සංවිධාන ශක්තියක් ඇති ජවිපය එකවර දැවැන්ත ප්‍රහාරයක් එල්ලකලේ තම සංවිධානාත්මක ජාලය හරහායි. මෙවන් 3% ක බලයක් ඇති අය බලයට පැමිණියහොත් තම විරුද්ධවාදීන් 97%ක නිවාස, දේපල ගිනිතැබීමට බිඳක් හෝ පසුබට නොවේ...

:       42       16

ලමයSunday, 29 May 2022 03:07 PM

මෙයා 20වැනි සියවසේ බිහිවුවෙක් බව පෙනේ. මේ තරම් රටට විනාශයක් කළ රාජපක්ෂලාගේ හොඳම දකින්නේ මොලේ අමාරුවකින් වියහැකියි.

:       13       29

AnandaSunday, 29 May 2022 05:10 PM

කාලකන්නි ජවිපෙයි, කොටි හමුදාවයි මේ රටේ විනාශයට වග කියන්න ඕනේ. ඔවුන් දන්න ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඔය දෙගොල්ලන්ම කලේ රට ගිනි තියන එකයි, මිනිස්සු මරන එකයි විතරයි.

:       28       18

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 29 May 2022 08:58 AM

රටේ ජනතාව ලබාදුන් ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් ජනතාවට ද්‍රෝහිවී වැඩ කටයුතු කරන හා දූෂිත පවුල් පාලනයක් සඳහා උදව්දෙන විට, මේ රටේ ඉන්නට බැරි බව නොතේරෙන හැටි... රටට වැඩදායී, නීතිගරුක පාලන තන්ත්‍රයක් ඇතිකර ගැනීමට අත උස්සන්න. නැවතත් පෙර පරිදිම දූෂිතයින් රකින්න ගියොත් නම්, වැඩේ හරියන පාටක් නැහැ. රට ගොඩනැගිය යුතු මහජන නියෝජිතයින් රට වනසන්නට උදව් දෙනවිට, ජනතාව කෝපවීම පුදුමයක් නොවෙයි.

:       7       35

ලුම්බිණි Sunday, 29 May 2022 09:01 AM

පිස්සු ගොඩක්ම වැඩිවෙලා වගේ....

:       3       26

විකටවීර Sunday, 29 May 2022 09:05 AM

මෙයාට ගහන්නේ වන අලි... සත්තු වත්තෙයි, පින්නවලයි, උඩවලවෙයි ඉන්න අලි ටික විකුණන්න ගිහින් වනජීවී අධ්‍යක්ෂ එක්ක පැටළුණු හැටි හැමෝම දන්නවා. එදා ඉඳන් දේශපාලනේ විතරයි කරලා තියෙන්නේ. වෙන රස්සාවක් කළා කියලා කොහෙවත් කියලා නෑ. ඉතින් හම්බ කරපු ඔක්කොම දේශපාලනෙන් තමයි. ඒක හොඳටම දන්න අය තමයි ඉන්න හිටින්න නැති වෙන්න සලකලා තියෙන්නේ... දුක ඇති බැසිල්ගේ ද්විත්ව පුරවැසිකම නැතිවෙනවාට. බත් බැලයින්...!

:       2       33

Lalith M Sunday, 29 May 2022 09:07 AM

අපි හිතුවා මෙයා හොඳ කෙනෙක් විදිහට. බලපුවාම මව්බිම පාවාදෙන ද්‍රෝහිකම්නේ කරන්නේ..

:       2       33

sam Sunday, 29 May 2022 09:23 AM

පට්ට හොරු හින්දා බයයි ගම්වලට යන්න. රාජ්‍ය සාටක හොරනඩේ එක්ක එකතුවෙලා රාජ්‍ය ධනය හොරාකාපු එකේ ප්‍රතිපල දැන් භුක්ති විඳින්නේ... ජනතාවගේ ඡන්දෙන් බලේට ඇවිල්ලා නුඹලා හොරාකන්නේ මොන නීතියකටද? රාජපක්ෂලාගේ වහල්ලු නොවී, ඔවුන් වගේ හොරා නොකා රටටයි, ජනතාවටයි සේවර කරන්න. එතකොට මිනිස්සු ආරක්ෂා කරයි.

:       3       22

කිරි පුතා Sunday, 29 May 2022 09:48 AM

මේ මනුස්සයා ගැනනම් විස්තර දන්නේ නෑ. හැබැයි සෝභිත ස්වාමීන් වහන්සේ තදින්ම දේශපාලනය කරන වගක් නම් පේනවා.

:       10       17

Kanthi Sunday, 29 May 2022 09:54 AM

මෝඩ දේශපාලුවන්..

:       4       18

Kumara Sunday, 29 May 2022 10:04 AM

කයිවාරු නැතුව රට ගැන හිතලා වැඩකරන්න.

:       2       18

සෙනෙවිරත්න Sunday, 29 May 2022 11:55 AM

බුදු අම්මෝ සේරම ජවිපේ කරලා තියෙන්නේ... එතකොට අරලියගහ මන්දිරේදි අරක්කු බීල පොලු අරගෙන පහරදුන්නෙත් ජවිපෙද? ඇත්ත මේකයි, තමුන්ලාට සාමාන්‍ය මිනිස්සු ගහනවා කියන්න ලැජ්ජයි. ඒක නිසා ජවිපෙ අය ගහනවා කියලා හිත හදාගන්නවා. විස්සෙන් තමුන්නැහැලාගේ දේපල තබා මව්පියන්ගේ සොහොන්වත් බේරගන්න බැරිවුණා. ඒක නිසා 21 ට එකඟවන එක හොඳයි.

:       8       42

BamunuarachchiMonday, 30 May 2022 09:19 AM

ඔබහරි, සාමාන්‍ය මිනිස්සු අනික් මිනිස්සුන්ට ගහන්න කොටන්න යන්නේ නැහැ. මොකද ලංකාවේ 75%ක් ජනතාව හැදිලා තිබුණේ බෞද්ධ සංස්කෘතිය තුළ... වෙරළුගෙඩිය සත් කඩකට කඩාගෙන කාපු ජාතිය අනිකාගේ දේපල උදුරා දාන්න ලැහැස්ති නැහැ. ඒ නිසයි 1971, 1989 ජෙප්පන්ගේ ලේ සැලෙන විප්ලව මේ රටේ හරි නොගියේ... ආගමක් එපා, සංස්කෘතියක් එපා කියන මාක්ස්වාදී අදහස් අවුරුදු 15-17 කොල්ලන්ගේ ඔලුවලට 1965 මැයි මාසයේ සිට දැම්මේ මේ ජෙප්පන්. එදා සිට අද වෙනතුරුත් මොවුන්ට ඒ ආකල්ප බින්න බස්සවන්න පුළුවන් වුනේ රටේ 3% ජනතාවට. පිස්තෝලයක් අතට ගත්තු එක පුංචි කොල්ලට තව 12ක් මරන්න පුළුවන් වුණු බව ඇමරිකාවේ වුණු සිද්ධියෙන් දැක්කා. එහෙනම් මිලියන 22ක් ඉන්න රටේ කඩාකප්පල් වැඩ කරන්න, මංකොල්ල කන්න මේ ලක්ෂ 5ක් ඉන්න ජෙප්පන්ට, කුරුටු ගාමීන්ට පුළුවන්...

:       5       7

BamunuarachchiMonday, 30 May 2022 09:28 AM

මොන ගොබ්බ කතාවක්ද කියන්නේ? අපි උන්නැහේලගේ දේපල බේරාගන්න හමුදාව යෙදෙව්වා නම් අපි කොහොමද ජෙප්පන්ගේ මැරකම්, මංකොල්ලකෑම්, මිනීමැරීම් ලෝකෙට පෙන්වන්නේ...? දැන් ජෙප්පන් කවුද කියලා අලුත් පරම්පරාවට පෙන්නුවා. 1989 වුණත් එකයි, ජෙප්පන්ගේ මැරකම්, මංකොල්ලකෑම් කරන්න කාලයක් ඉඩ දුන්නා. රටේ ජනතාවට ජෙප්පන් එපාවෙන කොට රජය වැඩ පටන් ගත්තා. ජනතාවට එපා වෙනතුරු අරගල කරන්න ඉඩදෙනවා. පින් බත් කොපමණ කාලයක් දෙන්නද?

:       4       3

මහිලාල් Sunday, 29 May 2022 12:45 PM

විස්සට අත ඉස්සුවා නම් මුළුරටම විනාශ කිරීමට දායක වූ කෙනෙකු වශයෙන් හිතන්න. එතකොට ඔය දුක තුනීවෙලා යාවි...!

:       3       38

Wasantha Sunday, 29 May 2022 12:48 PM

හොරකම් කරන්නම ඕනෑ නැහැ.. හොරකම් කරන එක දිහා බලාගෙන, මුට්ටි අල්ලගෙන හිටපු එකට තමයි ඔය දඬුවම.. ඔයාලා වගේ අය මොන රටකටවත් ගන්නේ නැහැ.

:       2       35

Snap Sunday, 29 May 2022 01:24 PM

ඔබලා හරියට ජීවත් වුණානම් මොකටද ආරක්ෂාව..? ගමේ මිනිස්සු ඔබලාව ආරක්ෂා කරාවි... එහෙනම් බලය තියෙනකොට ඔබලාගේ ෂෝ අපි දැක්කනේ.. කිසිම ආරක්ෂාවක් දෙන්න එපා..

:       1       28

රෙයිටර් Sunday, 29 May 2022 03:32 PM

ඔන්න ඔයාව ඉන්දියාවට බාර දීලා අපිට හාල්මැස්සෝ 250ක් ඉන්දියාවෙන් ඉල්ලා ගනිල්ලා බං...

:       2       20

Nihal Harischandra Sunday, 29 May 2022 07:04 PM

සාධාරණ විදියට ජීවත් වුණා නම් බයවෙන්න දෙයක් නෑ. තමන් නරක විදියට ජීවත් වුණු බව දන්න නිසානේ එළියට එන්න බැරි? හැංගිලාම ඉන්න...

:       3       14

Upe Sunday, 29 May 2022 07:34 PM

මෙයාව අඹේවෙලටවත් දුන්නා නම් පට්ටි දමන්න තිබුණා.

:       1       6

ජයලත් Sunday, 29 May 2022 08:39 PM

බයවෙන්නේ මොකද? ලංකාවේ හරක්මස් කන අය කන්නේ කඩෙන් අරන්.. මරලා කන්නේ නැහැ..!

:       1       9

Senevi Monday, 30 May 2022 08:27 AM

මෙයා කොළඹ සරසවියේ වීම ගැන කණගාටුවට පත්වෙමි..!

:       3       2

විජේසිංහ Monday, 30 May 2022 09:21 AM

ඔබතුමා හොඳ කෙනෙක් වෙන්න ඇති.. නමුත් වැරැදි කණ්ඩායමක් සමග සිට ගැනීමේ වරදට ඔබ දඬුවම් ලැබිය යුතුමයි...

:       1       3

HPS perera Monday, 30 May 2022 09:59 AM

කරුණාකරලා ඔය ජවිපය කියන අයව මේ රටින් තුරන් කරන්නම ඕනේ.. මේ අය කරන්නේ රට විනාශ කරන එකමයි. සියලු දේපල හානි සිදුකරේ ජවිපයේ කාලකණ්ණි මේ අයට විරුද්ධව කටයුතු කරන්නම ඕනේ..

:       4       4

ජගත් රෝලන්ඩ් Monday, 30 May 2022 10:12 AM

මෙතුමා පාසල් නොගිය කෙනෙක්... සල්ලි බලේ නිසා... වහල්ලු මෙන් ජීවත්ව ඉන්න, සල්ලිවලට නැමෙන ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්...

:       4       3

Subhash Monday, 30 May 2022 11:15 AM

225 ම ඉන්දියාවට අරන් යන්ඩකෝ

:       0       5

Nuwan Tuesday, 31 May 2022 09:00 AM

මේ අය ඔක්කොම ඉන්දියාවට පටවමු. හැන්ගිලා ඉන්න උනේ වැරදි කරපු නිසා.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1037 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 205 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1165 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1195 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1451 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1310 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site