( ෂේන් සෙනෙවිරත්න)
යකඩ කපන ග්‍රයින්ඩරයකට බෙල්ල තුවාල වී සිදු වූ අනතුරකින් කටුගස්තොට , මාවිල්මඩට ප්‍රදේශයේ 66 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මිය ගොස් ඇත්තේ දාමර ගෙදර පියසිරි නැමැති 66 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
ඔහු තම නිවස ඉදිරිපිට වැටක් ඉදිකරමින් ඒ සඳහා අවශ්‍ය යකඩ විදුලි ග්‍රයින්ඩරයක් මගින් කපමින් සිටියදී එය එක්වරම ඔහුගේ බෙල්ලේ වැදීමෙන් බරපතල තුවාල සහිතව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කාගේ හරි තාත්තා කෙනෙක්නේ... නිවන් සුව ලැබේවා...
ලොකු ඩැමේජ් එකක් වෙන්න ඇති.
වැඩකරද්දී පරිස්සමෙන් වැඩ කරන්න...
අවදානම් රැකියා පරිස්සමෙන් කරන්න... මොකද දෙයක් වුණොත් ජීවිත කාලෙම විදවන්න වෙනවා.
ආරක්ෂිත ක්‍රමවේද නිතර අනුගමනය කරන්න වෙනවා.