IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිනී කාමර සේවකයා රෝහලේ යකා නටයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මංගල උත්සවයකදී හදිස්සියේ අසනීපවී රෝහල්ගත කළ තරුණයකු පානදුර රෝහලේ වෛද්‍යවරුන් පරික්ෂා කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු රෝහලේම මෘත ශරීරාගාරයේ සේවකයකු බව කියන පුද්ගලයකු  තවත් පිරිසක්  වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වැදී පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පානදුර ප්‍රදේශයේ උත්සව ශාලාවක ව පැවති මංගල උත්සවයකදී නර්තනයේ යෙදෙමින් සිටි වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයකු හදිසියේම ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට එහි සිටි සෙසු සිසු පිරිස කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.

අසාධ්‍ය තත්ත්වයේ සිටි එම රෝගියා සූක්ෂම ප්‍රතිකාර ඒකකය තුළ වෛද්‍යවරුන් කීප දෙනෙකු විසින් පරික්ෂා කරමින් ප්‍රතිකාර කරමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මංගල උත්සවය නර්තනයේ යෙදෙමින් සිටි පිරිස අතර සිටි මෘත ශරීරාගාරයේ සේවකයකු ඇතුළු 15 දෙනකු පමණ පිරිසක් බලහත්කාරයෙන් රෝහල් භූමියට කඩා වැදී ආරක්ෂක නිලධාරීන්ට හෙද කාර්ය මණ්ඩලයට ද පරුෂ වචනයෙන් බැනවදිමින් තරුණයාට ප්‍රතිකාර කරන ලෙස වෛද්‍යවරුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට බැන වැදි ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (8)

මිනී කාමර සේවකයා රෝහලේ යකා නටයි

සනත් ගමගේ Friday, 14 January 2022 01:20 PM

දැන් මේ රටේ වෙලා තියෙන්නේ හැම එකක්ම නීතිය අතට අරගෙන වැඩ කරන්න යෑම. තම තමන් කවුද යන්න වටහා නොගන්නා අමන පිරිස් හිතාගෙන ඉන්නේ හැමවිටම තමා හරි යැයි නිගමනය පමණයි. මෙම සිද්ධියට පමණක් නොව අද සමාජයේ සිදුවන වර්ජන, තර්ජන, ගර්ජන, විරෝධතා, උපවාස, වැඩවැරුම්... සියල්ලම සිදුකරන අය සිතා සිටින්නේ තමන්ගේ කාර්යය පමණක් ඉටුවුණාම ඇති යන්නයි. ඒ සඳහා නීතියක් අවශ්‍ය නැති ගානට කරන වැඩ දිහා බැලුවාම ඒක හොඳට මේ රටේ මහජනතාවට තේරෙනවා. එහෙත් ඒ අයට මේක පෙන්වන්න අවස්ථාවක් තාම නැහැ. එය එන දවසට ජනතාවටත් එදාට අද වෙන දේ මතක නැති වෙනවා. එමනිසා කෙටියෙන් කියන්න තියෙන්නේ අහෝ අපේ රටකට ගිය කලක් යනුවෙනි...

:       0       147

[email protected]පෙපෙ Friday, 14 January 2022 02:27 PM

පොහොට්ටු කාරයෙක් වෙන්න බැරිද?

:       77       40

JudeFriday, 14 January 2022 03:29 PM

එහෙම වෙන්නත් පුලුවන්. හැබැයි පහුගිය කාලෙ උද්ඝෝශන 1000ක වාර්ථාව තියන්න හදපු ජෙප්පෙක් හෝ සජබයියෙක් වෙන්න තමයි වැඩිම සම්භාවිතාව තියෙන්නෙ.

:       2       2

BamunuarachchiFriday, 14 January 2022 09:35 PM

ඇයි ජෙප්පෙක් වෙන්න බැරිද? ජෙප්පන් තමයි ඔහොම කුණු වැඩ කරන්නේ...

:       4       2

Shan Friday, 14 January 2022 02:30 PM

පොහොට්ටුවෙක්...

:       50       36

BamunuarachchiFriday, 14 January 2022 09:36 PM

ජෙප්පෙක්...

:       2       2

fairoosMonday, 17 January 2022 03:51 PM

හැමදාම පාට කන්නාඩි දාගෙන වහල් කමින් ජීව්ත් වෙයල්ලා .කවුරු වැරදි කරත් නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕනේ

:       0       0

sharm warnTuesday, 18 January 2022 04:40 PM

බමුණෙක් වෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 109 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 67 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 149 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 20 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1875 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 533 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site