IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහින්ද ජැක්සන් බලන්න යයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11)  පෙරවරුවේ ගියේය.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ  බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර  ඇතැයි  දැනගන්නට ඇත.

ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී  පවුලේ සාමාජිකයන්ට  දැනුම්දී ඇත.

චිත්‍රපටයක රූගත කිරීම් අවස්ථාවකට සහභාගීවී  නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණෙමින් සිටියදී සිය මෝටර් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 2 වැනිදා  අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි මහතා  බරපතළ තුවාල  ලැබීය.

ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකටද භාජන  කෙරිණ.

මේ අතර කලාකරුවන් ඇතුළු විවිධ සංවිධාන විසින් ජැක්සන් ඇන්තනි මහතාට සුවය පතා රට පුරා බෝධි පූජා ඇතුළු පින්කම්  රැසක් පසුගිය දිනවල සංවිධාන කරනු ලැබීය.



අදහස් (21)

මහින්ද ජැක්සන් බලන්න යයි

Jagath Liyanage Friday, 12 August 2022 12:40 AM

අනිවාර්යෙන්ම බලන්න යන්න ඕන- මස්සිනා පොඩ්ඩ නේද?

:       45       22

පිටිගල මිලානෝ Friday, 12 August 2022 01:09 AM

තවත් මේ මනුස්සයව රවටන්න එපා හලෝ… ජැක්සන් අයිති රටට මිසක් දේශපාලක පිසාචයින්ට නොවේ…! නුඹලා මේ උතුම් මිනිහව වෙන්දේසි කලා….!

:       43       33

Bandara Friday, 12 August 2022 01:28 AM

තැඹිලි උගුරක් පෙව්වා නම් වීරවංශ නැගිට්ට වගේ නැගිටියි.

:       22       37

විජේ Friday, 12 August 2022 03:50 AM

ගුටි කන වටපිටාවක ඔබතුමා කරපුදේ අගය කරනවා.

:       11       69

දිමුත්Friday, 12 August 2022 12:11 PM

ඔවි. කළගුණ සලකන්නත් ඕනනේ

:       1       6

විජේ Friday, 12 August 2022 02:26 PM

කළගුණ සැලකීම කියන්නේ හොඳ ගතිගුණයක්... මුල අමතක නොකළ යුතුයි. හිතවතෙක්, උදව්කරපු කෙනෙක් අසනීප වුණාම බලන්න යන එක සාමාන්‍ය දෙයක්. පහුපහු වෙද්දී, කොහු කොහු වුණාට, මහින්ද පලවෙනි පාර ජනාධිපති නොවී ඒ වෙනුවට අහවලා පත්වුණා නම් අද දිමුත්‍ටයි, මටයි කමෙන්ට් කරන්න වෙන්නේ පත්තරේට නම් නෙවෙයි.

:       2       0

Perera Friday, 12 August 2022 05:01 AM

අනේ හොඳයි බුදුන් දැක්කා වගෙ ඇති ජැක්සන්ට

:       60       52

Demuni Uduwara Friday, 12 August 2022 06:16 AM

He is compelled to go.

:       5       25

චින්තනේ Friday, 12 August 2022 09:48 AM

අපොයි දෙයියනේ දැන් මොකද කරන්නේ?

:       3       7

සුජිත් පල්ලේවත්ත Friday, 12 August 2022 09:51 AM

උපතින්ම කතෝලික සම්භවයක් හිමි ජැක්සන් ඇන්තනි සිංහල භාෂාවට,සංස්කෘතියට එහි ඉතිහාසයට දැක්වූ ආසාව ගෞරවය නිසාම අති මහත් දැනුම් සම්භාරයකට උරුමකම් කියන අති දුබල ලාංකිකයෙකි. ඔබ හට කළගුණ අමතක නොකරන අතලොස්සකගේ කළගුණ සැලකීම් ලැබීම අපගේ සිත්වලට දැඩි සතුටක් ගෙනදේ....ඔබ හට ඉක්මන් සුවය පතමි.

:       7       79

AkilaFriday, 12 August 2022 11:24 AM

මොනව තිබ්බත් වැඩක් නැහැ වහල් ගති පැවතුම් ඔය ඔක්කොට උඩින් තියනවන නං

:       15       22

පිටරැටියා Friday, 12 August 2022 10:33 AM

කලාකරුවෙක් විදියට ජැක්සන් ඇන්තිනි රටක් වටින මනුස්සයෙක් .ඔහුට ඉක්මන් සුවය ලැබේවා .

:       1       98

Dharmatileke Friday, 12 August 2022 10:43 AM

වෙස් වලාගෙන ගිහින් තියෙන්නේ?

:       10       7

sharm warn Friday, 12 August 2022 11:18 AM

මහින්දට කඩෙ ගිය තරමට බලන්න යන්න ඔන තමයි. . අපිට ඉන්න දක්ශතම රන්ගධරයව කුනු කෑල්ලක් කරපු දේශපලුව... හැබැයි ජක්සන් ආයෙමත් සුව වෙලා ආවම කඩෙ යන්නෙ නතුව ඉන්නහිතනව නම් හොදයි.. මොකද කලාකරුවන් අයිති දේශපලුවන්ට රෙදි අපුල්ලන රස්සවට නොවෙන නිසා..

:       6       9

Wenura Friday, 12 August 2022 11:30 AM

ඉතුරු ටිකත් මරා ගන්න හදන්න එපා ඒ මිනිහගෙ

:       10       8

Hira Friday, 12 August 2022 11:53 AM

ජැක්සන් ගොඩ ආවොත් සියලුම ලකුනු ටික යන්නෙය් උඩ ඉන්න ඩෙවියන් වහන්සෙට. ඇයි ඩෙවියන් වහන්සෙය් ජැක්සන්ට හෙම කරේ කියල ප්‍රශ්න කරන්න නොන්ද පන තියෙන එකෙක් ඉන්නවද???

:       9       4

වීරවිජේ Friday, 12 August 2022 12:31 PM

නැගිටල ගහපංකො ජැක්සන් මිනිස්සු උබට බැන්න තරමට...

:       1       18

ලයන් Friday, 12 August 2022 12:31 PM

ජැක්සන් ඇන්තනි ලොකු පවක් කරගත්තා නීල කාස හොර තක්කඩියෙක් බුදුන් වහන්සේට ඥාති සම්බන්දයක් ඇති බවට බොරු ප්‍රබන්දයක් ගොතල.

:       1       12

බද්රානි Friday, 12 August 2022 01:41 PM

ජැක්සන් කලාවට දායකත්වයක් දුන් බව සැබෑවක්. නමුත් ඔහු සමාජයට නරක ආදර්ශයක් දුන් දේශපාලන බඩගොස්තරවාදියෙක්. උපතින් කතෝලිකයෙක් උන ඔහු, ශාක්‍ය වංශයෙන් පැවත එන බුදුන් වහන්සේටත් අපහාස කල අයෙක්. නීලකාශ හොර තක්කඩි වංශයකට, බුදුන් වහන්සේගේ රාජ්‍ය වංශය සැසදීමට අමනොඥ උත්සාහයක් කල අඥාන පුද්ගලයෙක්. සමහරවිට කතෝලිකයෙක් උන ඔහු “වස් වැදීමේ ආදීනව“ ගැන නොදන්නවා විය හැකියි. දිවට වචන ගලාගෙන ආ පමණින් දෙඩවීම නොකළ යුතුයි. ධාතු කරඬුව කරමත තබා ගැනීමට තරම් පින ඇති ඇතා (අලි වංශය) ගැන කතෝලිකයෙක්වූ ජැක්සන්ට අවබෝධයක් නොතිබෙන්න ඇති. රාජ වංශය(අලි) නිහීනයන් පාගා දමනු ලබන බව මම අසා තිබෙනවා එය සත්‍යයක්. කතෝලිකයෙක් ලෙස නොදැන කල පවට මනස්තාපවී, බුදුන් ගෙන් පව් කමාව ලබා ගන්න. එවිට සුවය ලැබේවි!!

:       6       7

Sara Friday, 12 August 2022 02:35 PM

ජැක්සන් මහත්තයෝ..., ඔබගේ මුදල් පසුම්බිය පරිස්සම් කරගන්න.

:       0       2

fairoos Sunday, 14 August 2022 01:32 PM

රට මේ තත්වෙට පත්කරපු අයට නම් සොබාදහමින් පඩිසන් ලැබේවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 833 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 162 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1025 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1053 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1363 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1215 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site