IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මහින්දානන්දට පැන්ෂන් දිගටම නලින්ට නෑ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව දඬුවම් විඳින හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැති හෙයින් ඔහුට විශ්‍රාම වැටුප දිගටම ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියෙක් පැවසීය.

යම් විදිහකින් හෝ විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට නඩු තීන්දුවේ සඳහන් වී ඇත්නම් එය නතර කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (9)

මහින්දානන්දට පැන්ෂන් දිගටම නලින්ට නෑ

පුරවැසියා Saturday, 31 May 2025 09:34 AM

රජයට පාඩු කරාට රජයෙන් පැන්ෂන්... මරු මරු මෙයාලාම හදාගෙන තියෙන නීති කරපු පාඩුව අය කරගන්න නීතිය ඕකෙ නැතිව ඇති...

:       1       10

මහජන මුදල් අවභාවිත ලෝක කුසලාන තරඟාවලිය Saturday, 31 May 2025 10:42 AM

ඒ ගැන සඳහනක් නැත්නම්, පාර්ලිමේන්තු නියෝජිතයෙක් නොවූ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස සලකලා වැඩකරන්න බාධාවකුත් නැහැ. ඒ කියන්නේ රජයෙන් ලබන සියලු වරප්‍රසාද අහිමි වෙනවා. දඬුවම් කාලය තුළ ප්‍රජා අයිතියද නැතිවෙනවා.

:       1       8

de silva Saturday, 31 May 2025 11:41 AM

ඔය විශ්‍රාම වැටුප මහින්දානන්දට කළුතර පාලම යටින් ගසාගෙන යන පොල් ලෙල්ලක් වගේ , ඔහු අයතා ලෙස උපයාගත් ඩොලර් මිලියන 500 කට වැඩි ධනයක් තිබෙනවා.

:       1       7

ravin Saturday, 31 May 2025 12:36 PM

පොදු ජනතාවගේ මුදල් නේද හොරා කාලා තියෙන්නේ... හිරේ වියදම පොදු ජනතාව ගෙන් පෙන්ෂන් එකෙන් අඩුම ගානේ හිර ගෙදර නඩත්තු වියදමක්වත් කපා ගත්තොත් නරකද?

:       1       15

ගමේ එකාලා Saturday, 31 May 2025 02:16 PM

මහා පරිමාණයෙන් හොරකම්, වන්චා, දූෂණ කරපු පට්ට හොරෙක්... හොරාකාපු සියලු වත්කම් රාජසන්තක කළයුතුයි.

:       1       15

donSunday, 01 June 2025 06:14 PM

ඔයා එහෙම කිව්වට ඔයාගේ ආණ්ඩුව හිරේ දාලා තියෙන්නේ කැරම් බෝඩ් ටිකක් මේ රටේම ජනතාවට බෙදපු එකටනේ...

:       0       0

prasanna Saturday, 31 May 2025 03:44 PM

බඩු මලු බෙදලා තිබුණොත් භාණ්ඩාගාරයේ මුදල් අරගෙන අවුරුදු 1000 පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාම හිරේ යවන්න ඕනේ. පොහොර තියා කිසිම දෙයක් දෙන්න බැහැ.

:       3       5

Nandalal de Silva - France Saturday, 31 May 2025 04:00 PM

රටම කාලා හොරා කාපු මුදල් හොයාගෙන මහා භාණ්ඩාගාරයට බැර කරලා පමණක් මදි. එම මුදල් වලින් වංචනිකව ගත් සියළුම චංචල, නිශ්චල දේපළ රජයට පවරා ගෙනත් මදි. පුළුවන් නම් නව නීති සම්මත කරගෙන මහින්දානන්දගේ අති විශාල විශ්‍රාම වැටුපත් අහොසි කරන්න ! ජනාධිපති සමාව, වෙසක් සමාව, සිංහල අළුත් අවුරුදු සමාව මෙම චෞරයින්ට නොදිය යුතුයි. අධිකරණය ලබාදුන් සම්පුර්ණ සිරදඬුවම් කාලයම ඇතුලෙම පරෙස්සමින් තබා ගත යුතුයි.

:       1       8

Kamal Koyrala Sunday, 01 June 2025 01:32 PM

දැන් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කියලා මහා ඝෝෂාවක් තිබුණනේ... ඒක මේ අයට බලපාන්නේ නැතිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site