IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ

(සුජිත් හේවාජුලිගේ )

මන්ත්‍රීවරුන්ගේ  පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය  අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්  එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා(1)සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට  මෙසේ කැඳවාගෙන එන සිය  පවුල්වල සාමාජිකයන්  කොවිඩ්  එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කොවිඩ් පැතිරීම ආරම්භවීමත්  සමග  පාර්ලිමේන්තු සංකීර්ණයට  පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ  මන්ත්‍රීවරුන්  රැසක්  සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන්  පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත්   කර තිබිණ. මේ අවස්ථාව සලසාදී ඇත්තේ  එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව යැයි  පාර්ලිමේන්තු ප්‍රධානියෙක්  ලංකාදීපයට පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරිද ඉදිරියේදී ඉතා සීමිත පිරිසක්  සඳහා විවෘත කිරීමට අවධානය යොමුවී  ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ශෝක යෝජනා විවාදයන් පැවැත්වෙන අවස්ථාවන්හි එම විවාද දැක බලා ගැනීම සඳහා  දැනට අවස්ථාව සලසා දෙන්නේ  මියගිය මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ පවුල්වල සාමාජිකයන් පස්දෙනෙකුට  පමණි. කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස  එම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

දැනට පාර්ලිමේන්තුවේ විවෘත කර පවතින්නේ මාධ්‍ය ගැලරිය පමණි.



අදහස් (37)

මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ

කිරි පුතා Tuesday, 29 March 2022 10:18 PM

අනේ ඒක හොඳ වැඩක්... අසරණ මිනිහෙකුට කන්න වේලක් දෙන එක මොන තරම් පිනක්ද? අපි ඒ බිලත් ගෙවන්නම්... දැන් කොහොමත් නහයටත් උඩින් වතුර ගලලා ඉවරයිනේ.

:       0       15

Upul Tuesday, 29 March 2022 10:33 PM

හරි ෂෝක්. දේශපාළුවන්ට අපේ ටැක්ස්වලින් පඩි ගෙවනවා මදිවට, ඔවුන්ගේ පවුල් වල ඉන්න හැතිකරේටත් අපි කන්න දෙන්න ඕන.. අප්පච්චි කියන කෙනාගේ අහවල් කෙනා කොහෙද ඉන්නේ? එයාට පේනවද මේවා..?

:       0       16

chathuri Tuesday, 29 March 2022 10:35 PM

රාජපක්ෂලා ඇතුළු හොරු 225ක් එකතුවෙලා රට කාලා කාලා හොරකම් කරලා, දුප්පත් රට වෙනත් රටවලට විකුණලා, අන්තිමට හැත්ත බුරුත්තම දියවන්නාවේ රෙස්ටුරන්ට් එකට ඇවිත් කෑම කන්න ගත්තොත් කොහොම හිටීද කියලා ළඟදීම බලාගන්න පුළුවන්... දැන් හොඳ හෝටලයක ඇති ආහාර වේලක් රුපියල් 7000ක් පමණ වෙනවා. මේ බහුබූත හොරුන්ගේ රෙස්ටුරන්ට් එකේ රුපියල් 600ක් විතර ඇති.

:       1       10

Pradeep Kumara Tuesday, 29 March 2022 10:39 PM

අනේ ඒක හොඳ වැඩක්. අසරණ මිනිහෙකුට කන්න වේලක් දෙන එක මොනතරම් පිනක්ද? අපි ඒ බිලත් ගෙවන්නම්... දැන් කොහොමත් නහයටත් උඩින් වතුර ගලලා ඉවරයිනේ...!

:       0       5

susantha Tuesday, 29 March 2022 10:42 PM

ඔව් දැන් මේ පල් හොරු රැළට අමතරව ඔවුන්ගේ පවුල්වල හැත්ත බුරුත්තටත් කන්න දෙන්න වෙන්නේ රටේ මිනිස්සුන්ට...

:       1       7

Mama Tuesday, 29 March 2022 11:18 PM

අපටත් එම භෝජනාගාරය විවෘත කරල දුන්නොත් හාමතේ මැරෙන්නැතිව ජීවත් වීමට හැකි වේව්.

:       1       18

Prabha Tuesday, 29 March 2022 11:23 PM

පව් දුප්පත්තු හාමතේ ඇත්තේ කන්න නැතිව

:       0       20

beau Tuesday, 29 March 2022 11:42 PM

අහ් ... රටේ මහජනයාට කන්න නැහැ .දරුවන් බඩගින්නේ පාසල් යන්න බැරුව ඉන්නවා.ඒ අතර ඕනෙවට වඩා සැප සම්පත් තියන දේශපාලුවන්ට උන්ගේ පවුල් පන්සල් පිටින් ඇවිත් මෙතන කන්න පුළුවන් මහජන වියදමින්.මේක මහා අපරාධයක් .කෑදර කම හිසට උඩින්

:       0       23

chandima Wednesday, 30 March 2022 12:18 AM

මේ යන විදියට ආයෙත් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන්න නොලැබෙන නිසා කොල්ලෝ බල්ලෝ සේරටම පාර්ලිමේන්තුව පෙන්නලා අකුලාගෙන යන්න වගේ යන්නේ ?අනේ හත්මුතු පරම්පරාව්ටම හරි පෙරේත ගොටු දීලා තොලොංචි වෙලා යනවා නම් ?

:       0       13

නියඟලා Wednesday, 30 March 2022 12:52 AM

ශ‍්‍රී ලංකාවම බංකොලොත් කළ පාවෙන දියවන්නාව..!

:       0       17

අසංග Wednesday, 30 March 2022 12:56 AM

අපේ ගෙදරත් බල්ලන්ට කන්න දුන්නාට වඩා බැල්ලියන්ටයි, පැටවුන්ටයි කන්න දෙන්න පටන් ගත්ත. උන් බඩගින්නේ සුමාන ගණනක් තිස්සේ... පවු අසරණයෝ...

:       1       6

සෙනෙවිරත්න Wednesday, 30 March 2022 03:51 AM

ඒ අය පදිංචි කරගත්තොත් නරකද?

:       0       8

Lalith M Wednesday, 30 March 2022 06:36 AM

මන්ත්‍රී ගෙවල්වල කෑම උයන්නේ නැතිව ඉන්න ක්‍රමය හදනවා. රටේ ජනතාවගේ රීරී මාංශය උරාබොන ක්‍රමය...!

:       1       12

ravin Wednesday, 30 March 2022 07:01 AM

ඔව්, දැන් පිට කඩවල කෑමබීම නැහැ. ගෑස් නැහැ, විදුලිය නැහැ, බඩුමිල අහස උසට... ඒ හින්දා කෑම ගිනි ගණන්... පවුල් පිටින් රට කාපල්ලා... ගිය අවුරුද්දේ කෝටි 9ක්ද කොහෙද ගියා කියලා තිබුණා නේද?

:       0       10

සරණපාල Wednesday, 30 March 2022 07:25 AM

අපි නම්‍ දෙවේල කාලා ඉන්නේ... ඔය කියන තැන බලලා අපිටත් කෑම පාර්සලයක් මගේ දරුවන්ට ගන්න බැරිද?

:       0       6

බ්‍රොන්කයිටීස් Wednesday, 30 March 2022 07:42 AM

අවසාන වතාවට බලාගන්න.. මොකද ඊළඟ වතාවේ මේ පාර්ලිමේන්තුවෙ ඉන්න 225 න් බොහෝ දෙනෙක් ඉන්නෙ ගෙවල්වල

:       0       14

Hafeel Wednesday, 30 March 2022 11:51 AM

අනිවාර්යෙන්ම එහම වෙන්නම ඕනේ. දැන් ඇති හිටිය එක.

:       0       9

මව්බිමේ අනාතයෝ Wednesday, 30 March 2022 12:15 PM

අවසන් භෝජන සංග්‍රහය කියල කාපල්ලා... ඔහොම කෑම එයාලට ඔරොත්තු නොදේවා..!

:       0       8

UK RAN Wednesday, 30 March 2022 08:14 AM

අනේ මෙහෙමත් වැඩ .ඔය 225 පවුල් විතරද ලංකාවේ ජීවත් වෙන්න ඕනේ.නොදකින් මෙහෙම නිලධාරීන්

:       0       12

Rexi Wednesday, 30 March 2022 09:40 AM

තවත් කාලකණ්ණි තීරණයක්... ගෙදර කට්ටියට ෂොපින් ගිහින් දවල් කැම කන්න එහෙට යන්න පුළුවන්. තරු පහේ හෝටලයට ගිහින් වියදම් කරලා කන කෑම මෙහෙන් කන්න කට්ටියම අත්දෙකම උස්සලා අනුමත කරයි. කොහොමද මහජනයාට සේවය කරන හැටි, හිරිකිතයි.

:       1       42

Bunny Preena Wednesday, 30 March 2022 10:11 AM

භෝජනාගාරයේ කෑම නිකන්ද එතකොට දෙන්නේ? අයියෝ අපේ සල්ලිනේ...! 

:       0       43

sumudu Wednesday, 30 March 2022 10:27 AM

සාප වෙන්න ඕනේ...!

:       0       21

Asanga Wednesday, 30 March 2022 10:42 AM

අහෝ මහජන මුදල් නාස්තියක්... මේවා එතකොට නිකන්ද කන්න දෙන්නේ..? රටට හෙණ ගැහුවෙත් ඔය 225 නිසයි...

:       0       16

Gayan Wednesday, 30 March 2022 11:10 AM

දැන්ම බලාගන්න දෙයක් තමයි ඉතින්.මොකද ඊළඟ පාර ඔය එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට එවන්නේ නැහැ

:       0       10

udaya Wednesday, 30 March 2022 11:28 AM

රජයේ වියදම් අඩු කරන තවත් ක්‍රමයක් වගේ

:       0       6

sharm warn Wednesday, 30 March 2022 11:49 AM

කන එවුන්ට බඩ පලයල්ලා

:       0       6

Shan Wednesday, 30 March 2022 12:04 PM

තවමත් රාජපක්ෂලා පස්සේ යන අය ඉන්නවා නම් දැන්වත් හිතපල්ලා.

:       0       7

Sam Wednesday, 30 March 2022 12:28 PM

සෞභාග්‍යය ඉතිරිලා දෝරේ ගලනවා...

:       0       4

Adanda Wednesday, 30 March 2022 01:36 PM

මෙහෙමත් නාටක...!

:       0       2

යකාගෙ නීතිය Wednesday, 30 March 2022 01:37 PM

මේ දවස්වල බඩුමිල ඉතාම ඉහළයි ඉතින් අහිංසක දුප්පත් රැකියාවක් නොකරන මහජනතාවගේ බඩුමුදල් වලින් ජීවත්වෙන අනාථ කොට්ඨාශයක්නේ ඔය උදවිය... ඒකනිසා කමක් නැහැ අපි පටි තදකර ගන්නම්.. මේ වෙලේ එයාලාට පින් තකා දන්සැල අරින්න..

:       0       3

Kumara Wednesday, 30 March 2022 01:54 PM

මේවා කන උන්ගේ පවුල් පිටින් මහමග අනතුරු වලින් නැතිවෙලා පලයන්

:       0       3

darma Wednesday, 30 March 2022 03:34 PM

ඒක හොඳයි, අපි හිඟන්නන්ට කන්න දෙන්න කැමතියි.

:       0       1

මහීල් Wednesday, 30 March 2022 03:37 PM

හැබැයි ඕවා කන්නේ බලාගෙන.... හරිද?

:       0       2

Bamunuarachchi Wednesday, 30 March 2022 06:00 PM

අම්මට සිරි කාල වරෙල්ලකෝ... ඔන්න දේශපාලුවන් කනහැටි බලාගන්න...

:       0       0

Banda Wednesday, 30 March 2022 06:42 PM

ඕක කඩා වැටියන්...!

:       0       0

පවිත්‍රා Thursday, 31 March 2022 08:26 AM

පක්ෂ නාමයෝජනා දෙන්නේ මන්ත්‍රී කෙනෙක්ගේ දරුවෙකුට යන ප්‍රතිපත්තිය වැඩියෙන්ම හැදුවේ මහින්ද සහ රනිල්. අද පාර්ලිමේන්තව ඒ අයගෙන් පිරිලා. දැන් ඉන්නේ අය දරු මුණුපුරන්ට පෙන්වන්න. ඔය ගෙන්නේත් ඒ බලාපොරොත්තුවෙන්. හෙන ගහන්න ඕනා.

:       0       0

Chani pradeepika Thursday, 31 March 2022 04:03 PM

That is only thing remain to be done.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site