IMG-LOGO

මැතිසබය කලින්ම නවතියි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  දිනට නියමිත කටයුතු නවතා පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා දක්වා කල් තබනු ලැබීය.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ  කටයුතු විනාඩි විසි හතරකට සීමා විය.

පාර්ලිමේන්තුව අද උදේ 9:30 ට රැස්වූ නමුත්  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ සිටියේ දහයකටත් වඩා අඩු සංඛ්‍යාවකි.

විපක්ෂය පැත්තෙන් සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පමණි.

කතානායකවරයාගේ මව අද  අභාවප්‍රාප්තවී  ඇති අතර ඒ ආරංචිය කතානායකවරයාට දැනගන්නට ලැබී ඇත්තේද  සභාවේ කටයුතු පැවැත්වෙමින් තිබියදීය.

පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබුණේ   ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී  ඝාතනය කෙරුණු   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන්වූ ශෝක යෝජනා විවාදයයි.

කෙසේ වෙතත් ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ට එම විවාදය දැක බලා ගැනීම සඳහා අද පැමිණීමට නොහැකි වන බව පාර්ලිමේන්තු නිලධාරීන්ට කලින්ම දන්වා තිබිණ.

දැනට ගණන් බලා ඇති අන්දමට පාර්ලිමේන්තුව දිනක් රැස්වීම වෙනුවෙන් වැයවන මුදල රුපියල්  ලක්ෂ  80 කට  වැඩිය.



අදහස් (1)

මැතිසබය කලින්ම නවතියි

Prabha Friday, 09 September 2022 06:21 PM

ඒකට කමක් නෑ. දවල්ට කාලාම යන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site