IMG-LOGO

මැටි - ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යි

(අජන්ත කුමාර අගලකඩ)

වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්‍යස්ථානයේ මහල් දෙකක බදු කාලය වසර 3 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මෙම රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලය ලෝක වෙළඳ වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ හත්වැනි මහලෙහි ද, රාජ්‍ය අමාත්‍යවරයගේ කාර්යාලය නැගෙනහිර කුළුණේ 36 මහලේ ද පවත්වාගෙන යනු ලැබේ.

එම අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉල්ලීම් කර ඇතත් ,ඒ සඳහා සුදුසු ස්ථානයක් නොලැබීම හේතුවෙන්,දැනට පවත්වාගෙන යන ස්ථාන දෙකේ බදු කාලය තවත් වසර තුනක දීර්ඝ කර ඇත.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් 1වැනිදා සිට ලබන දෙසැම්බර් 31වැනි දා දක්වා කාලයේ බදු කුලිය ලෙස රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් ද,ලබන වසර සඳහා රුපියල් හත්කෝටි දසලක්ෂයක්ද , 2024 වසරේ රුපියල් කෝටි හත හමාරක් ද, 2025 මාර්තු 31 වැනි දා දක්වා රුපියල් එක්කෝටි අනූලක්ෂයක් ද ගෙවීමට නියමිතය.

 



අදහස් (0)

මැටි - ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site