IMG-LOGO

මුඛ ආවරණ නොමැතිව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසකට දඩ

(සමන් පාලිත නානායක්කාර )

බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ පොළේ දී මුව ආවරණ නිසි ලෙස පැළඳ ගෙන නොසිටි  බවට අද( 01 ) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් 18 දෙනකුට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා එක් අයකුට රුපියල් 5000 බැගින්  දඩ  නියෝග කළේය.

බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳපොළට තොග වෙළෙඳ කටයුතු සඳහා පැමිණි පිරිසකට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා මෙසේ දඩ නියම විය . 

කොරෝනා වසංගතය පැතිර යාම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසියාකාරව ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව බණ්ඩාරවෙල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳපොළ ආශ්‍රිතව කළ සොයා බැලීමක දී මුව ආවරණ නොමැතිව සිටි විසි හත් දෙනකුට නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ඉන්  18 දෙනකු වරද පිළිගත් බැවින් රුපියල් 5000 බැගින් දඩ නියම කළ අතර සෙසු අට දෙනාට විවෘත වරෙන්තු නිකුත් කළේය.

බණ්ඩාරවෙල පරිපාලන    මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.  එම්. ඒ. ආර්. දිසානායක, බදුල්ල දිස්ත්‍රික් ඩෙංගු මර්දන ඒකකයේ කාර්ය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් .වී. තිලකසිරි නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් මධුර යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් මහෙස්ත්‍රාත්  අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.



අදහස් (1)

මුඛ ආවරණ නොමැතිව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසකට දඩ

Ratne Tuesday, 01 December 2020 09:36 AM

මෙලෙස දඩ ගැසීමෙන් ජනතාව මුඛ ආවරණ පැලඳීමට පෙළඹවීමට රුකුලක් වනු ඇත. නමුත් කණගාටුවට කරුණ නම්, රට තුළ වසංගතය බෝ කිරීමට හා මේ වන විටත් මරණ 100කට වඩා වගකිවයුතු මිනීමරු බ්‍රැන්ඩික්ස් ආයතනයට මේ නීති හෝ දඬුවම් නැද්ද?

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 617 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site