(මංගල එදිරිසිංහ)
හුදකලා කරන ලද වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් අද (15) දින තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඒ අනුව වේයන්ගල්ල ගම්මානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 234 දක්වා ඉහළ ගොස් ඇති බවත් බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ඒ.සී. රණවක මහතා පවසයි.
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය විද්‍යා රණවීර මහතාගේ මෙහෙයවීම මත අඛණ්ඩවම ආශ්‍රිතයින්ගේ ජෛව සාම්පල රැගෙන පි.සි.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකරන බවත්, වේයන්ගල්ල ගම්මානයේ තව තවත් සංචරණ සිමාවන් පනවා ඇති බවත් රණවක මහතා පවසයි.
මේ වන විට පවුල් 300 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බවත්, ඔවුන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් සියලු පහසුකම් සපයන බවත් බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බුලත්සිංහල වේයන්ගල්ලෙන් අද තවත් කොරෝනා ආසාදිතයන් 49 ක්