IMG-LOGO

බන්ඩි පෝර දහදාහට දෙන්න කැබිනට් පත්‍රිකාවක්

(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර බන්ඩි පොහොර හොන්ඩරයක මිල රුපියල් 19,500ක් විය. එවකට පැවැති ලෝක පොහොර මිල අනුව එම තීරණය ගත්තද බොහෝ ගොවීන් බන්ඩි පොහොර මිල අධික වීම නිසා ඒවා මිල දී ගත්තේ නැත.

මේ වනවිට එම බන්ඩි පොහොර ‌ තොගයෙන් අලෙවි වී තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3000ක් හෙවත් සමස්ත පොහොර තොගයෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයකි. මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (1)

බන්ඩි පෝර දහදාහට දෙන්න කැබිනට් පත්‍රිකාවක්

Lalla Sunday, 19 February 2023 05:42 PM

ඉඩම්වල ප්‍රමාණය ගණනය කර රු:5000/= වගේ නාමික මිලකට සියලු භෝග සඳහා පොහොර දෙන්න. ඒක මුලු සමාජයම භුක්ති විඳින දෙයක්. ආහාර, අපනයන, අමුද්‍රව්‍ය නිමි නිෂ්පාදන සියල්ල පිටුපස පොහොර සහනාධාරය තියනවා. රටක අර්බුදකාරී වාතාවරණයකදී ආහාර සුරක්ෂිතතාව පළමුවැන්න. පොහොර කිසිම දේකට අවභාවිතා කරන්න බෑ. ඒක නිසාම හානියක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site