IMG-LOGO

බත්කඩේ බින්ඳ හොරා වෙඩි තබා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

එම සැකකරු පැමිණි යතුරුපැදිය මෙන්ම මන්න පිහියක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිසිය බාරයට ගෙන ඇත

ආපනශාලාවට රම්බෝ වගේ පිය රැගෙන කඩා වැදුණු සැකකරු මුදල් අයකැමිට තියුණු ආයුධය පෙන්වා මරණීය තර්ජනය කර මුදල් කොල්ල කෑමෙන් අනතුරුව එහි සේවකයන් සහ පැමිණි සිටි පාරිභෝගිකයන් වටකර පහර දී ඇති අතර ,අනතුරුව සැකකරු මාර්ගය ගමන් ගත්තේ ත්‍රිරෝද රථයක් බලහත්කාරයෙන් නවතා පලායමින් සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි

එම අවස්ථාවේදී රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී රාත්‍රී රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වන තිරෝද රථය පිළිබඳ සොයා බැලීම සඳහා එම ස්ථානයට යාමේදී එහි සිටි සැකකරු එයින් පිටතට පැන පලා යමින් සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරු පසුපස හඹාගොස්  අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් හා පොරබදා පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇනීමට තැත්කිරීමේදි අනෙක් පොලිස් නිළධාරීයා විසින් සැකකරුට පාදයකට වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (0)

බත්කඩේ බින්ඳ හොරා වෙඩි තබා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site