IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බෝගම්බර ප්‍රධාන ජේලර්ට - රැඳවියන් 26කට කොරෝනා

(චමිල් රූපසිංහ)
 
බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවියන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වී තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
 
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ  මෙම පිරිසට පී.සී.ආර් පරීක්ෂණ මගින් කෝවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බව බව තහවුරු වීමත් සමඟ ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අධිකාරීවරයා පවසයි.
 
 රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීවේය.
 
මේ සම්බන්දව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ මහනුවර පැරිණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි රැඳවියන් 182 නෙකුට පමණද නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවය.
 
මේ වන විට මධ්‍යම පළාතින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501 ක් බව පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසන අතර  එය මහනුවරින් දිස්ත්‍රික්කයෙන් 303 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 146 ක් සහ මාතලෙ දිස්ත්‍රික්කයෙන්  52 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී  තිබෙන බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවැසිය.
 
අද (02) දිනය තුළ මහනුවරින් 09 ක් හා නුවරඑළියෙන් 08 ක් ලෙස නව ආසාදිතයින් වාර්තා වූවත් මාතලෙන් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසිය.
 



අදහස් (0)

බෝගම්බර ප්‍රධාන ජේලර්ට - රැඳවියන් 26කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site