IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘පොහොර ගැන තීන්දුව වැරදි බව මූල්‍ය අරමුදලත් කියනවා‘

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල කියන දේ හරියට කළොත් ලංකාවෙි මහා සමාජවාදී විප්ලවයක් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම වැරදි බව මූල්‍ය අරමුදලේ වාර්තාවේ ද දැක්වෙන බව කී අබෙිවර්ධන මහතා යහපාලන ආණ්ඩුව එදා ඉතා අධික ලෙස බදු පැනවූයේ අධික ලාභ ලැබූ අයට යැයිද  මූල්‍ය අරමුදල ද කියන්නේ ද අධික ලාභ ලබන අයගෙන් බදු අය කළ යුතු  බව යැයිද  සඳහන් කළේය.

ලංකාවෙි බදු ක්‍රමය වෙනස් කළ යුතු බවත්  වැඩි ආදායම් ලබන අයගේ බදු රඳවා ගත යුතු අතර, එහි සහන අඩු ආදායම් ලාභීන්ට ලබා දිය යුතු බවත් මූල්‍ය අරමුදල නිකුත් කළ  වාර්තාවේ දැක්වෙන බවද එහි ඇති වරදක්  දකින්නේ නැතැයි ද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (2)

‘පොහොර ගැන තීන්දුව වැරදි බව මූල්‍ය අරමුදලත් කියනවා‘

Senarath Wednesday, 30 March 2022 11:51 AM

ඔයාලා අවුරුදු ගණනාවක් රට පාලනය කලානේ මූල්‍ය අරමුදල කියන විදියට.මොකද්ද වුන සෙතේ ?දේශපාලකයෝ මහා පරිමාණයෙන් හොරාකන නිසා තමා මේ සේරම විපත් .මොවුන්ගේ කඳ බඩ දිහා බැලුවම පේනවා රටේ අහිංසක ජනතාවගේ මුදල් කොච්චාර හොරා කාලාද කියලා.

:       18       2

Prabha Wednesday, 30 March 2022 04:06 PM

මෙයාලා කරන විදිහ වැරැදියි කියන එකේ තේරුම ඔයාලා හරියට කළා කියන එක නෙමෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site