
(අංජුල මහික වීරරත්න)
පර්යේෂණ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.
පර්යේෂකයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා එවැනි ආචාර ධර්ම පද්ධතියක් ඉවහල් වන බව ද අමාත්‍යවරයා කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ 2025 ජාතික විද්‍යා සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, සෞඛ්‍ය හා සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (IRD) සමඟ එක්ව සංවිධාන කළ, “ආචාර ධර්ම, පාලනය සහ පර්යේෂණ අඛණ්ඩතාව: විද්‍යාත්මක පර්යේෂණයේ මූලික අංගයකි” තේමා කරගත් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
“තවම අපේ රටේ පර්යේෂණ වෙනුවෙන් වූ අචාර ධර්ම පිළිබඳව නීතිමය රාමුවක් නැහැ. නමුත් ජනතා අයිතිවාසිකම් පැත්තෙන් එය අත්‍යවශ්‍යයි. නවීන විද්‍යා හා තාක්ෂණ දියුණුවත් සමග බිහිවන ජාන විද්‍යාව, කෘත්‍රිම බුද්ධිය සහ දත්ත විද්‍යාව වැනි නව ප්‍රවණාතා සමග වග කිවයුතු ලෙස ආචාර ධර්ම පද්ධති යාවත්කාලීන විය යුතුයි. ජනතාවගේ පෞද්ගලිකත්වය ඇතුළු අයතිවාසිකම් රැකගැනීමට මෙය ඉතා වැදගත් වෙනවා. සැලකිලිමත් නොවීම හේතුවෙන් සිදුවන ආචාර ධර්ම කඩවීම වැලැක්වීමට විශේෂ අවධානය යොමු විය යුතුයි" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පර්යේෂණ වලට ආචාර ධර්ම පද්ධතියක්