IMG-LOGO

ප්‍රබල භූමිකම්පාවක්: සුනාමි අනතුරු

තායිවාන දූපතට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හටගෙන තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණි.

භූමි කම්පාව හටගත්තේ තායිවානයේ වේලාවෙන් දහවල් 2.44 ටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ටයිටංග් නගරයට ඔබ්බෙන් කිලෝ මීටර් 10 ක් මුහුදු පතුලේ බව භූ විද්‍යාඥයෝ පවසති.

සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ තායිවානයේ වෙරළබඩ ප්‍රදේශවලට පමණක් යැයි ද පැවැසෙයි.

භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, මහල් නිවාස ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම බිමට කඩා වැටී ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් ගැන හෝ මියගිය පුද්ගලයන් ගැන හෝ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

(අල් ජසීරා)



අදහස් (0)

ප්‍රබල භූමිකම්පාවක්: සුනාමි අනතුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site