IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පරිපූරක වෘත්තීයවේදී වැඩ වැරුමට මූණ දෙන්න සූදානම්

(අංජුල මහික වීරරත්න)

පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එවැනි වැඩ වර්ජන සඳහා මුහුණ දීමට සූදානම් බව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

හැමදාම මෙය සෙල්ලමක් කරගෙන සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්නට වැඩ කරනවා නම් ඒ අයත් සමඟ සාකච්ඡා කරන්නට සූදානම් නැතැයි ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

දැන් සතියට පැය 24 පැය 48 ආදී ලෙස වර්ජන කැඳවන්න පටන් අරගෙන තියෙන බව කී අමාත්‍යවරයා එය සෙල්ලමක් නොවන බවද සඳහන් කළේය.

කරුණාකර වැඩට එන්නැයි කී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩට පැමිණි පසුව සාකච්ඡා කරන්නට සූදානම් බව ද සඳහන් කළේය.

තඹුත්තේගමදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

 



අදහස් (5)

පරිපූරක වෘත්තීයවේදී වැඩ වැරුමට මූණ දෙන්න සූදානම්

Tharindu Friday, 06 June 2025 12:27 AM

දැන් මේ අය වැඩට නැවිත් උද්ඝෝෂණය කරන කොට ඒ දවස්වල පඩිය කැපෙන්නේ නැද්ද?ඇමතිගේ කතාව හරි..වැඩට එන්න එපැයි සාකච්ඡා කරන්න.මාධ්‍ය ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව ප්‍රවෘත්ති විකාශනය කලත් බැලූ බැල්මට පෙනෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ඉවසීම මෙවැනි සේවකයන් පිළිබඳ තව නොබෝ කලකින් දෙදරා යනු ඇති

:       1       2

රුවන් Friday, 06 June 2025 07:53 AM

ඔය වර්ජනය කරන දොස්තරලා අල්ලලා සාමාන්‍ය මිනිස්සු ගහන්න ඕනේ. රජය ඔය හොරුන්ගේ උපාධි අවලංගු කරා නම් කිසිම රටකට ගිහින් වෛද්‍ය වෘත්තිය නියලෙන්නත් බෑ.

:       4       2

IranFriday, 06 June 2025 03:50 PM

කොහෙද දොස්තරලා ස්ට්‍රයික්? ප්‍රවෘත්තිය හරියට කියවන්න.. තියෙන ඇරියස් කවර් කරන්නේ නැතුව...

:       2       0

විපරමා Friday, 06 June 2025 02:40 PM

වැඩ වර්ජන කිරීමත් පුරුද්දක් වෙලා. රටට සාපයක්. ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන අයට නම් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි.

:       1       3

prasanna Saturday, 07 June 2025 03:58 PM

ජනාධිපති සහ ඇමැතිවරුන් නියෝජනය කරන්නේ රටේ ජනතාව නොවේ. මාලිමාවේ වහල්ලු ටික පමණි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site