
(නිමල කොඩිතුවක්කු)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක් යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ ජනවරම ලබා ගෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ කර අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් සිදු කරමින් පවතින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පෙත්සම් විභාග කළ අවස්ථාව හා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
නීතියේ ආධිපත්‍යට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීම සේම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය විනාශ කරමින් විධායකය ගන්නා මෙම උත්සාහය සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී තවත් පාර්ශ්ව ගණනාවක් සමඟ අධිකරණයමය ක්‍රියාදාමයක් තුළින් පරාජය කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද? ඔබතුමාලා දිවිහිමියෙන්, ඒ කියන්නේ අනුන්ගේ දිවිහිමියෙන් රැකගත්ත පදාතත්තවාදෙ නේද මේ විනාස කරන්නේ, අයියෝ වාවන්නෙ නෑ, පපුව පැලෙන්න එනවා.
විපත්ති නායකයාගේ මොලේ විකාර වෙලා? මේ වගේ එළොවටත් මෙළොවටත් නැති විපක්ෂ නායකයෙක් ලොවෙත් නැතුව ඇති
පියානෝ ඉන්න කාලෙදි ප්රජාතන්ත්රවාදය කොහෙද තිබ්බෙ???65000ක් බෞද්ධයන් අමු අමාවෙ සමූලඝාතනය කලා,,, එකෙන් බෙරෙන්න UNP එකෙන් අයින් වෙලා සජබෙ කියල එකක් හදාගෙන ජනතාව ගොනාට අන්දන්න හදනවා
කාගේද, කොහොමද කියලා පැහැදිලි කරනවද?
පුතාණෝ, පව් නේද මෙයා?
අනේ සජිත් තමුන් නීතිය ගැන දන්නෙත් නැහැ, ආර්ථිකය දන්නෙත් නැහැ දේශපාලනය ගැන දන්නෙත් නැහැ කියලා කියන ගොන් කතා වලින් තේරෙනවා, ඒ නිසා කට පියාගෙන ඉන්නවා.
ජේ ආර් ජයවර්ධන මහතාට ව්‍යවස්ථාව මුලුමනින්ම වෙනස් කරන්න පුලුවන්කම තිබුණනම් දැන් බැරි වෙන්න හේතුව? සාමාන්‍ය ජනතාවට නොතේරෙන සහ අදාල නොවන කතාවක්...
මානසික ලෙඩ්ඩු මේ වගේ දේවල් ගැන කියවන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම නීතියේ අධිපත්‍යයට බලපානවාද නැද්ද කියලා ඕන පොඩි එකෙකුට තේරෙනවා. අනික, මේ වටෙන් කියන්නේ අගවිනිසුරු විශ්වාස නෑ කියලනේ. එතුමා මේ අපතයන්ට විරුද්ධව නඩු දාන්න ඕන.
පිස්සු කතා අහන්න ඕන නම් මේ හාදයට කන්දෙන්න