
(වසන්ත චන්ද්‍රපාල සහ සමන් දිසානායක)
අම්පාර පදියතලාව ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ මංගල අයවැය අද දින පරාජයට පත්විය.
සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එම අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 සහ විපක්ෂව ඡන්ද 12 ලැබිණි..
මෙම අයවැය සඳහා ජාතික ජන බලවේගයේ එච් එම් ධනපාල මහතා සංශෝධන ඉදිරිපත් කළද අයවැය සම්මත වීමට එය පලක් නොවීය.
පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සභිකයින් 07 දෙනෙක්ද සමගි ජන බලවේගයට 05 දෙනෙක්ද , පොදු ජන පෙරමුණට 04 දෙනෙක්ද සර්ව ජන බලයට 02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට 01 බැගින්ද හිමි විය.
පසුගිය මැතිවරණයෙන් පසුව සභාව පිහිටවනු ලැබුවේ රහස් ඡන්දයකිනි.ඒ අනුව ජාතික ජන බලවේගය අනිත් පක්ෂත් සමග හවුල්ව 13-07 ලෙසින් සභාව පිහිටවනු ලැබීය.
කෙසේ නමුත් අද දින විවෘත ඡන්දයකින් අයවැයට පක්ෂ විපක්ෂභාවය විමසන ලදී. ඒ අනුව අයවැයට පක්ෂව ජාතික ජන බලවේගය සභිකයින් හත් දෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයාද කටයුතු කරන ලදී.
සමගි ජන බලවේගයේ පස් දෙනා සහ පොදු ජනපෙරමුණේ හතර දෙනා සර්ව ජන බලයේදෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ එක්කෙනෙකු විපක්ෂව ඡන්දය පාවිච්චි කරන ලදී.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පදියතලාව අයවැය පරාදයි
Lalith Friday, 14 November 2025 12:11 PM
රොම්බා සන්තෝෂම්...
ලයන් Friday, 14 November 2025 12:29 PM
මේ කරන්නේ අයවැයේ හොද නරක නොව දේශපාලන වාද බේද අනුව අයවැය පරාද කිරීමයි...