IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පෞද්ගලික බස් වලට සහනයක්

 (නිමල කොඩිතුවක්කු)

පෞද්ගලික බස් රථ සඳහා දෙසැම්බර් මස මුල් සති දෙක ගත වෙන තෙක් ලොග් ෂීට් හා පිවිසුම් පත්‍ර සඳහා ගාස්තු අය නොකරන බව  ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කොළඹදී අද(01) පැවසීය.

කොවීඞ් වසංගත තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් සඳහා ලබා දිය හැකි සහන පිළිබඳව සියළු අංශ සමග සාකච්ඡා කොට ස්ථිර විසඳුමකට පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.කොවිඞ් වසංගතය තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස්රථ හිමියන් මහුණ දෙන ගැටළු පිළිබඳ ප්‍රවාහන අමාතයාංශයේදී කැඳවු සාකච්ඡාවකදි ඔහු මේ  බව පැවසීය.

බලපත්‍ර සම්බන්ධයෙන් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ඉවත් කරවා ගැනීම, ලොග් සීට් සහ පිවිසුම් පත්‍ර සඳහා සහන කාලයක් ලබා ගැනීම, පළාත් සභාවලින් අයකරනු ලබන වෙනත් ගාස්තු සම්බන්ධව සහන ලබා ගැනීම, සියළුම පළාත් සභාවල අයකරන ගාස්තු සඳහා එකම ක්‍රමවේදයක් සැකසීම යන කරුණු පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන බවද ලොකුගේ මහතා සඳහන් කළේය.

එමෙන්ම එක් එක් පළාත් සභාවලින් එක් එක් කාරණා සඳහා අයකරන ගාස්තුවල පවතින විෂමතාවය සම්බන්ධයෙන් වූ ගැටළුව ද එහිදී අමාත්‍යවරයාගේ  අවධානයට යොමු විය.

පළාත් නමයේම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල අදහස් හා යෝජනා ඇතුළත් කෙටුම්පතක් හැකි ඉක්මණින් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ  ලේකම් මොන්ටි රණතුංග, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන්  හා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම්වල නියෝජිතයෝ ද මේ අවස්ථාවට සහභාගී වූහ.
 



අදහස් (0)

පෞද්ගලික බස් වලට සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site