(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත්ව තිබූ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරු සන්තකයේ තිබීම චෙක් ජනරජයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියට අමතරව ජීවඋණ්ඩ 13 ක් සහ මැගසිනයක් ද පොලිස් බාරයට ගෙන ඇත
අලුත් කඩේ අධිකරණය සංකීර්ණයතුළදී ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැලසුම්කරුවෙකු වු කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තා ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවනු නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු මිනුවන්ගොඩ සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
39 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පීල්ලවත්ත පදිංචිකරුවෙකි
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි
රනේ Sunday, 02 November 2025 03:04 PM
හොඳ වෙලාවට අපි පලපුරුදු අය නැති ආණ්ඩුවක් හදා ගත්තේ...!
Jagath Leanage Sunday, 02 November 2025 04:02 PM
මේ රජය ඇරෙන්න වෙන මොන රජයක් තිබ්බත් මේ වගේ දේවල් වෙන්නෙත් නැහැ. එහෙනම් තාමත් පාතාලය තමයි රජයන්නේ...