IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නිලා වික්‍රමසිංහ දිවිරඟ මඬලට සමු දෙයි

(ඩයනා උදයංගනී සහ ෂම්මින් පණ්ඩිතරත්න) 
ප්‍රවීණ ගායිකාවක වන, ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජෙනරාල්වරිය ලෙස පසුගියදා පත්කෙරුණු විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය මිලානෝහි දී අද (17) අභාවප්‍රාප්ත වූවාය.
හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇත.
නීලා වික්‍රමසිංහ මහත්මිය මියයන විට 71 වැනි වියෙහි පසුවූවාය.
ඇය මිලානෝ නුවර නව කොන්සල් ජෙනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ මීට දින කිහිපයකට ඉහතදීය.
‘පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ’, ‘සිලිං බිලිං’, ‘බලා හිඳිමි දුර ඈතක’, ‘චාමර සැලුණාවේ’, ‘වියෝ ගී ගැයෙනා හදේ’, ‘හිරුට අයිති බව’, ‘ඔබගෙ සෙවණේ රැඳෙන සහනේ’, ‘දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ’, ‘දරුවෝ ඇති අම්මාලා’, ‘බෝධියේ විහාරයේ’, ‘පෙම් සිළිලාරේ’, ‘පාරමී දම් පුරමු අපි දෙදෙනා’ ආදී ගීත විශාල සංඛ්‍යාවක් ඇය විසින් ගායනා කර ඇත.
කොළඹ විශාඛා විද්‍යාලයේ සහ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ  සංගීත ආචාර්යවරියක ලෙස ද ඇය සේවය කළාය.
 

 



අදහස් (24)

නිලා වික්‍රමසිංහ දිවිරඟ මඬලට සමු දෙයි

Pradeep Monday, 17 January 2022 05:23 PM

අයියෝ.. මගේ ප්‍රියතම ගායිකාවක්. ඔබට නිවන් සුව පතමි.

:       0       0

Saman Monday, 17 January 2022 05:31 PM

මෙයා නේද 2015 දි කිවුවෙ අපි මරල හරි අපි ආයෙ බලය ගමු කියල

:       0       0

මැක්ස් Monday, 17 January 2022 06:36 PM

මිහිරි හඬින් අප රටක් නැල වූ නීලා මහත්මියට නිවන් සුව පතමු...

:       0       1

ආනන්ද ආර් Monday, 17 January 2022 07:38 PM

මධුර ස්වරයෙන් දශක ගණනාවක් රසික හදවත් සැනසූ, නැළවූ ආදරණීය ගායිකාවනි, ඔබ වෙනුවෙන් අප වියෝගී ගයන්නෙමු. ඔබතුමියට අමාමහ නිවන් සුව අත්වේවා..!!

:       0       1

C.K.Lankaputhra Monday, 17 January 2022 07:51 PM

ඔබේ ලයාන්විත කටහඬට මම පුදුම විදියට ආදරය කළා. මතු යම් දවසක මතු පරපුර පිනවන්න මේ රටේම ඉපදෙන්න. ඔබට නිවන් සුව අත්වේවා...!!! 

:       2       1

iks chandrasiri Monday, 17 January 2022 07:54 PM

හරිම චාම් දිවියක් ගතකළ දක්ෂ ගායිකාවක්... ඔබතුමියට නිවන් සැප ලැබේවා..!!!

:       1       0

siri Monday, 17 January 2022 08:29 PM

බොහෝ කාලයක් අතිශයින් ජනාදරයට පත්ව සිටි දක්ෂ ගායිකාවක්... නොදන්නා දේශපාලන කුණුගොඩට විහින් පැනීම නිසා තම ලෝලයින් දුරස් කරගත් එක ගැන නම් කණගාටුයි. එතුමියට නිවන්සුව අත්වේවා..!!! .

:       1       2

Dineth Monday, 17 January 2022 09:00 PM

ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි.. වලපයයි, ගොඩපයයි... ලැජ්ජා නෑ..

:       6       3

Siri Perera Monday, 17 January 2022 10:02 PM

පතමු නිවන් සුව...!!!

:       0       0

An0 Tuesday, 18 January 2022 12:17 AM

ඉතාම කණගාටුයි ඇගේ අභාවය පිළිබඳව. නීලා මහත්මියට නිවන් සැප ලැබේවා..!!!

:       0       0

Buddika Tuesday, 18 January 2022 06:39 AM

මැකී නොයන සුන්දර ගීත ගණනාවක් සංගීත ලෝකයට දායාද කළ විශිෂ්ඨ කලාකාරිණියක්... සුබ ගමන්..! ඔබට නිවන් සුව ලැබේවා..!!! 

:       0       2

Narada Tuesday, 18 January 2022 07:21 AM

නිවන් සුව,බූස්ටරය ගත් පසු

:       3       1

Clarence Tuesday, 18 January 2022 07:55 AM

ඉතා දක්ෂ ගායිකාවක්,නිවන් සුව ලැබේවා

:       0       1

Buddika Tuesday, 18 January 2022 08:16 AM

රන් ටිකිරි සිනා පා, වියෝ ගී මෙදා අපෙන් සමුගත් ඔබට සුබ ගමන්... නිවන් සුවය ලැබේවා..!!!

:       0       1

sharm warn Tuesday, 18 January 2022 09:04 AM

අපේ ආදරය දිනාගත් ,සොඳුරු නිර්මාණ රැසක් අපට දායාද කළා .අපේ යුගයේ සොඳුරු කලාකාරිනිය .ඔබට නිවන් සුව

:       1       2

Senarath Tuesday, 18 January 2022 09:09 AM

එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

:       1       2

Hafeel Tuesday, 18 January 2022 10:10 AM

70 පසු වෙලා මේ තනතුරු දරන්න හැකියාව තියනවද? රාජ තාන්ත්‍රික කඩා වැටීමට මේකත් එක් කාරනාවක්. බලයට පත්වූ සියලු රජයන් රාජ තාන්ත්‍රික දුරවලට පත් කලේ එක්කෝ චන්දෙන් පෙරදිච්ච අය, එක්කෝ දේශපාලන දූ දරුවන්. නමුත් කියන්නේ තාරුන්ණයට හෙටක්, සුභ අනාගතයක්, නිල් බලකාය. රනිලුත් කියන්නේ තරුණයන් නායකත්වයට ඉදිරියට එන්න ඕන කියල, දුන්නේ 40 පෙනපු බැණට නියෝජ්‍ය නායකත්වය.

:       0       18

siriTuesday, 18 January 2022 03:52 PM

එහෙම නොකර කොහොමද? 2015 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදිලා මැදමුලන ගිහින් ජනේලයේ එල්ලුනාට පස්සේ අභයාරාමයේ පැවැත්වුන කලාකාරයන්ගේ රැස්වීමක දී "ඇයි ඔබතුමා ජනාධිපතිකම අතහැර ගියේ මරලා හරි බලයේ ඉන්න තිබුනානේ" කියල අලුත්ම තාලයක ගීතයක් ගායනා කලේ මෙතුමියනේ. ඒවයින්නේ ආපහු එන්න ජවය ලැබුනේ.

:       0       9

විපරමා Tuesday, 18 January 2022 06:44 PM

දුශිත පවුල් පාලනේ අයට කඩේයාමම මදිද .වෙනත් රටවල මේ තනතුරු දෙන්නේ සුදුස්සාට

:       0       13

Ajatha Tuesday, 18 January 2022 11:13 AM

දක්ෂතාවයෙන් පිරිපුන් ගායිකාවක් .ඔබට නිවන් සුව ලැබේවා

:       5       11

Jagath Tuesday, 18 January 2022 12:06 PM

මෙයා විවාහ උනා නේද?? කෝ ස්වාමියා?

:       12       6

sharm warnTuesday, 18 January 2022 04:42 PM

අපිට නම් දක්ෂ ගායිකාවක් .ඇගේ පුද්ගලික දේවල් අපිට වැඩක් නැහැ.සැමියා හිටියා කියලා මිය යන එක නවතිනවද .කුණු හොයන්න එපා .දැන් වත් හැදෙන්න

:       6       8

Rohan Tuesday, 18 January 2022 04:05 PM

සුන්දර කලාවට දේශපාලන ඕජස ගෑවුනාම ගඳ ගහන තර්ම

:       1       6

Harsha Tuesday, 18 January 2022 04:20 PM

"පෙම් සිලිලාරේ" මෙයාගෙ නෙවෙයි, එක දයාරත්න, අමරා රණතුන්ග යුවලගේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1379 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 201 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 411 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site