IMG-LOGO

නාරම්මල අනතුරකින් සිඟිත්තියෝ දෙකක් ඇතුළු තුනක් මරුට

(සජීවා කෝට්ටගොඩ)

කතරගම ගොස් ආපසු මෝටර්  රථයක හා පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෝටර් ගමන් ගත් රියදුරා හා සිඟිති දියණියන් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූවන් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට  ඇතුළත් කර තිබේ.

නාරම්මල  කිවුල්ගල්ල ප්‍රදේශයේදී  මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ පොල් පිතිගම ,මඩගල්ල,කුබුකුලාව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කෝප්‍රල් කේ.එච්.ඒ.සී . සමන් කුමාර (38) ඔහුගේ දියණිය කේ.එච්.ඒ. මෙනුලි ලවන්න්‍යා (මාස 11 ) හා පහලගම පාර, දුනුපොතගම, දිවුල්ලෑව, මහව ලිපිනයෙහි පදිංචිව සිටි බිරිඳගේ සොහොයුරාගේ දියණිය වන තිලුනි සෙනුල්ල්‍යා (මාස 10 ) යන අයයි.

මියගිය හමුදා සෙබලා යුද හමුදා සංඥා බලකායට අනුයුක්තව පනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ,(බටහිර ) සේවයෙහි යෙදී සිට පසුගිය 2025.07.14 දින නිවාඩු ලබා ගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වේ.

 



අදහස් (2)

නාරම්මල අනතුරකින් සිඟිත්තියෝ දෙකක් ඇතුළු තුනක් මරුට

ගුණරත්න Sunday, 20 July 2025 11:05 AM

මේ වගේ පුංචි දරුවෝ වාහනේක අරන් යනකොට උකුල උඩ තියන් යන්න එපා. එකට විශේෂයෙන්ම හදපු ආසන තියෙනවා, එම ආසනයක රඳවලා තිව්වම දරුවන්ට ඉතා ඉහළ ආරක්ෂාවක් ලැබෙනවා.

:       0       3

de silva berlin Sunday, 20 July 2025 11:14 AM

රටේ වාහන ආනයනය සීමා කිරීම සහ අධික තීරුබදු නිසා රටේ දැනට තිබෙන වාහන බොහෝමයක් තිබෙන්නේ පරණ අබලන් තත්වයේ, අමතර කොටස් වලට ගහන අධික තීරු බද්ද නිසා සහ පුහුණු කාර්මිකයෝ හිඟකම නිසා පාරේ දුවන වාහන 60% වැඩි ප්‍රමාණයක් නිසි ධාවන තත්වයේ නැහැ... එකත් මේ අනතුරුවලට හේතුවක්, අර පහුගිය කාලේ මාරක අනතුරු සිදුවුණා... KDU එකේ බස් එක සහ ලංගම බස්වල කාර්මික තත්වය ධාවනයට නුසුදුසු බව අනතුරෙන් පසු හෙළි වුණු, රජය මේ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි... අලුත් වාහන නැති වුණත් තිබෙන එකක් නිසිලෙස අලුත්වැඩියා කරගෙන දුවන්න සාධාරණ මිලකට අමතර කොටස් රටේ තිබෙන්න ඕනේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 634 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 258 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site