IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිවසේ හටගත් ගින්නෙන් 4කට තුවාල:2 ක් රෝහලට

(සුමිත් පොතුපිටිය) 

පනාපිටිය, මානන්දූව පාරේ නිවසක අද (30) අලුයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .

නිවසේ විදුලිය විසන්ධි වී ඇති මොහොතේ ඉටිපන්දමක් දල්වා ඇති අතර, මධ්‍යම රාත්‍රි  නැවත විදුලිය ලැබීමෙන් පසු නිවැසියන් නිදාසිටින විට වයෝවෘද්ධ කාන්තාවක සිය හැරමිටිය ආධාරයෙන් පැමිණ ඉටිපන්දම නිවා දැමීමට උත්සාහ දැරීමේදී ඉටිපන්දම අසල තිබූ ඇදට වැටී ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය කීය.

නිවසේ කාමර දෙකකට ගින්න පැතිර ගොස්  නිවෙස් හිමිකරුගේ මව සහ ලේලිය පිළිස්සීම් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ,නිවෙස් හිමිකරු සහ ඔහුගේ බිරිඳ සුළු තුවාල ලබා ඇති බව පොලිසිය කීය.

ගින්නෙන් නිවසේ අඩක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර, දේපල වලටද දැඩි හානි සිදුව ඇත. කළුතර නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් ගේ සහාය ඇතිව  ගින්න පාලනය කර ඇත.

කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

නිවසේ හටගත් ගින්නෙන් 4කට තුවාල:2 ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site