
(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්තව “A Team – Next Wave” (විශිෂ්ඨයන්ගේ කණ්ඩායම - ඊළඟ රැල්ල) නමින් නව දේශපාලන වේදිකාවක් නිර්මාණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් බැහැර සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන අරඹා ඇත.
විපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මදුගොඩ මහත්වරු මෙම නව දේශපාලන වේදිකාව නිල වශයෙන් ඇරැඹූහ.
පාර්ලිමේන්තුවේ නිසි නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මෙන්ම පුද්ගලයන් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැඟීම මෙම නව දේශපාලන වේදිකාවේ ප්‍රධානතම අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එමෙන්ම, ජාතික මට්ටමේ වැදගත් ගැටලුවලදී ජනතාවගේ සැබෑ හඬ බලධාරීන් වෙත රැගෙන යාම සඳහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අනෙකුත් දේශපාලන කණ්ඩායම් සමඟ ද අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන්, විවිධ විපක්ෂ කණ්ඩායම් සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එකම වහලක් යටට කැඳවීම මෙම ව්‍යාපාරයේ අපේක්ෂාව බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කීවේ මෙම වැඩපිළිවෙළේ දිගුකාලීන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය බාරගත හැකි "ඊළඟ ජාතික කණ්ඩායම" (Next National Team) ලෙස ශක්තිමත්, එක්සත් විපක්ෂ බලවේගයක් රටේ නිර්මාණය කිරීම බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාස්තු, දීමනා, කොමිස් % කීයද? 5 million වලට වැඩිද, අඩුද?
අලුත් ක්‍රමයකට රට ගොඩනගන්නද යන්නේ? තාත්තිල, බාප්පිල බංකොළොත් කෙරුව විතරයි. මේ ඒ් ටීම් එක රටම ගොඩටම ගනී.
මරු බඩුටික , ඉතා නුදුරේම බන්ධනාගාරගත වෙන්න නියමිත හොර කල්ලිය ඔය ජාතික කණ්ඩායම බන්ධනාගාරයේදීම හැදුවනම් දැනට ඒක ඇතුලේ ඉන්න යාලුවෝ ටිකත් සම්බන්ධකරගෙන ශක්තිමත් කණ්ඩායමක් හදාගන්න පුළුවන් වෙයි මන් හිතන්නේ
ඕක වැලිකඩ ගිහින්ම කළා නම් ඉවරයි.
මහාපරිමාණ හොරකම් වන්චා දූෂන ,සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම බන්කොලොත් කරපු ජනතාව එළවලාම දාපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන පොරක් වෙන්ඩ හදනවා.තමුන් එක්ක එකතු වෙන්නේ පට්ට හොරු ,වහල්ලූ මිසක් මොලේ ඇති හරිහමන් උදවිය නෙවෙයි?
ඔය පින්තුරයේ ඉන්නේ බේබිගේ විශිෂ්ඨයෝ ටික නම් කරන්න යන වැඩේ ගැන කියල වැඩක් නෑ.
හොර පෙරකදෝරුවාට එකතුවෙලා ඉන්නේ රට කාපු හොරුනේ .උන් කරපුවා රටම දන්නවා.ලැජ්ජයි .
පරණ හොරු ටිකම අළුත් වැඩක්.
කොයි පැත්තෙන්ද හිනා විය යුත්තෙ
තව ටිකදවසකින් ඇතුළට යන්න ඉන්න එකානේ රැල්ල හදලා තියන්න. නිකම්ම ගහගන යයි. නාකිමයිනා කිව්වේ ජනතාවට ඕනෑ වේලාවට එළියට දානවා කිව්වේ මේකද අකුලා ගන්න. ඔබ කොහොමද මේවා කරන්නේ මිනීමරු අල්ලස් දූෂණ තියෙන නොම්බර එකේ හොරා. එහෙම අයට පාර්ලිමේන්තුවට එන අයට තිත තියනවා. මේ එන්නෙ හිරගෙදර ඉන්න කට්ටිය එළියට ගන්න... මිසක් රටකට වැඩක් නැහැ... නූගතාගෙන්... කපුටු බාප්පි 2029 එනවාලු. නාමල් බේබි ජනපති වෙනවා කියලා. ඒ කාලේ නාමල් බේබි හිර බත් කනවා...
වෙස්මූණු බැදන් ආවත් අපි නෑ රැවටෙන්නේ....
කණ්ඩායමක්