IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දොස්තරට බෝම්බය දුන්න සැකකරු හම්බන්තොටදී අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට  පෞද්ගලික රෝහලට  තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට   බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා  හම්බන්තොට රන්න ප්‍රදේශයේදී   කොළඹ අපරාධ කොට්ඨාසයේ  විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 

කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මීට දින කීපයකට ඉහතදී  අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න  කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව රන්න ප්‍රදේශයට අද (20)  ගිය  විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්  සැකකරු අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා කීය 

බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසර අටක පමණ කාලයක් ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කල ලියනගේ  දයාසේන නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  බොරැල්ල සියලු  සාන්තුවරයන්ගේ දේවස්ථානයට මෙන්ම  මීට මාස කිහිපයකට ඉහතදී නාරාහේන්පිට  පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට බෝම්බ තැබුවේ විශ්‍රාමික වෛද්‍යවරයාගේ උපදෙස් මත බව  අනාවරණය වී තිබිණි 

ඒ පිළිබඳ පිළිබඳ  කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම විසින්  වෛද්‍යවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෛද්‍යවරයා විසින් ඒ බව පිළිගත්  බවත්  ඒ අනුව ඔහුට බෝම්බය  ලබා දුන් පුද්ගලයා  පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත 

තමන් යටතේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ලියනගේ  දයාසේන නැමැති පුද්ගලයා මාර්ගයෙන්
රන්න ප්‍රදේශයේ රුවන් නමැත්තා හඳුනාගෙන බෝම්බ  ලබාගත් බවත් වෛද්‍යවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  තවදුරටත් අනාවරණය වී තිබිණි  

සැකකාර වෛද්‍යවරයා විසින් රන්න ප්‍රදේශයේ  දී අත්අඩංගුවට ගත් පුද්ගලයාට බෝම්බ ලබාදීම වෙනුවෙන් වරින් වර  මුදල් ලබාදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

සැකකාර වෛද්‍යවරයා ගේ බිරිඳ   කොරෝනා වෛරසය රෝගී තත්ත්වය උත්සන්න වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ අතර ,එලෙස බිරිඳ මියගිය මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත බවට   ඔහුට මානසික ව්‍යාකූල තාවයක් ඇතිවී රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්  මෙලෙස කටයුතු කර ඇති බවට  තවදුරටත් අනාවරණය වූ වූ බව  එම නිලධාරියා කීය. 

හම්බන්තොට රන්න ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් කේ ආර් ප්‍රේමචන්ද්‍ර  නොහොත්  රුවන් නමැත්තා වරාය අධිකාරියේ සේවකයෙකු බවත්  අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකු බව උසස් පොලිස් නිලධාරියා කීය. 

අත්අඩංගුවට ගත් 55 හැවිරිදි සැකකරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා කීය 



අදහස් (19)

දොස්තරට බෝම්බය දුන්න සැකකරු හම්බන්තොටදී අල්ලයි

යෝගා Thursday, 20 January 2022 08:52 PM

ප්‍රධාන සැකකරුගේ පුත්‍රයා කාගේ හෙන්චයියෙක්ද කියලා හොයලා බලන්න. හුඟක් දේවල් හිතාගන්න පුළුවන් වෙයි..

:       57       138

gunarathnaFriday, 21 January 2022 05:54 AM

යෝගා, දැක්කනේ පුතා මාධ්‍ය සාකච්ඡාවේදී මොනවද කිව්වේ කියලා... පොලිසියට පුළුවන් කිව්වා ඕනෙ නොකරපු දෙයක් වුණත් කෙරුවා කියලා කටින් පිටකරගන්න බයකරලා. ගෙදර මුරකරුවෙක් හිටියේ නැහැ කියලා කිව්වා. නමුත් ඩිස්පෙන්සරියේ හිටපු මුරකරු තමයි සාක්කි දෙන්නේ. මේ මනුස්සයා දන්නේ නැහැ තාත්තා ගාව මෙහෙම කෙනෙක් හිටියා කියලවත්... තාත්තා සේරම වමාරපු දාට පුතාටත් යන්න වෙනවා තාත්තාගේ තනියට. මේවගේ දේවල්වලදී කවදාවත් කතාකරන්න හොඳ නැහැ. හේතුව තමයි ඇත්තටම දැන් කාලෙ හැටියට අම්මා දන්නේ නැහැ තාත්තා හොරෙන් මොනවද කරන්නේ කියලා. අම්මා දන්නේ නැහැ දරුවෝ මොනවද කරන්නෙ කියලා. කිසිම දවසක කොල්ලෙක් දිහා බලන්නේ නැහැ කියලා හිතන තමුන්ගේ දුව කෝච්චියකට පැනලා මැරණාම තමයි අම්මා දන්නේ දුවගේ කෙරුවාව. මේක තමයි අපේ රට දැන් වැටිලා තියෙන තත්වය..

:       1       1

KamalFriday, 21 January 2022 08:04 AM

පොහොට්ටුවේ එක්කෙනෙක්ගේම තමයි...

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 20 January 2022 09:33 PM

වැඩේ අප සිතනවාට වඩා බරපතලයි වගේ. දොස්තරගේ පුතා යූටියුබ් එකේ තමන්ගේ හා පියාගේ නිදොස් බව කියා පොලීසියට දොස් පවරා තිබුණා. ඔහු කීවේ දිය විදිනා පිස්තෝල හා වායු පිස්තෝල තිබී පොලිසිය ඒවා අරන් ගිය බවයි. පත්තරේ තිබුණු ආයුධ හා කඩු ආදිය දැක්කම තමයි ප්‍රශ්නයේ සංකීර්ණ බව පෙනුණේ. ඒ කෙසේ වෙතත්, මේ අය අල්ලනවා වගේම ප්‍රශ්නයේ ප්‍රධාන වගකිවයුත්තා වන මෛත්‍රීපාලව ද අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි. එතකොට තමයි වැඩේ නිවැරදි පැත්තට ගමන් කරන්නේ. එසේ නැතිව තෝරු, මෝරු නිදැල්ලේ තබා හාල්මැස්සන්, කූණිස්සන් පමණක් ඇල්ලීමෙන් වැඩක් නැහැ නේද කියලා හිතෙනවා. ජනතාව පෙර මෙන් නොවෙයි. දැන් බොහෝම බුද්ධිමත්. ඒ නිසා කෙරෙන වැඩ කටයුතු බොහෝ විනිවිද භාවයකින් යුක්ත විය යුතුයි. ස්තූතියි...!

:       0       2

Prabha Thursday, 20 January 2022 10:07 PM

දොස්තරලාගේ වරදින් බිරිඳ මිය ගියා කියලා පල්ලියේ බෝම්බ තියලා හරි යනවද ? අන්තෝ ජටා බහි ජටා

:       0       1

පැරකුම් Thursday, 20 January 2022 10:11 PM

ඔවුන්ගේ මාධ්‍ය ප්‍රකාශණයට පැමිණි අය දිහා බැලුවම තේරෙනව පසුබිම. ඊට සහභාගි වූ කාන්තාව තමයි ප්‍රධාන භූමිකාව කරන්නෙ.

:       0       0

Suran Thursday, 20 January 2022 10:15 PM

අත් අඩංගුවට පත් වෙච්ච කෙනා මානසික ව්‍යාදියකින් පෙලුනලු. හැබැයි බෝම්බෙකුත් හොයාගෙන ඒක තියන්ඩ මිනිහෙක්ට උපදෙසුත් දීලා සැලසුමකුත් ගහල. මෙච්චර මොලේ හොඳ අපිටනේ බෝම්බයක් තියා, සෙල්ලම් පිස්තෝලයක් හොයාගන්ඩ අමාරු, මේකත් හරියට කන්ගැට්ටා කෞතුකගාරේ බින්ද වගේ.

:       0       1

Sujeewa Thursday, 20 January 2022 10:32 PM

දැන් මොනවද කාදිනල් වහන්සේ කියන්නේ ?නිකම් බොරුවට නේද මොර දුන්නේ

:       1       1

සිරිබිරිස් Thursday, 20 January 2022 11:31 PM

ඕක ඉවර වෙනකොට ඔය බෝම්බය තිබ්බෙ රෝහණ විජේවීර නොවුනොත් තමා පුදුම .

:       1       0

දයාසේන​ Thursday, 20 January 2022 11:41 PM

ඔහොම වටේ යං....

:       0       0

සිරි Thursday, 20 January 2022 11:44 PM

මගඩි නාටක වලට අල්ලගන්නෙම දොස්තරලා වගෙයි. දොස්තරලගෙ අපල කාලයක්.

:       0       1

Perera Friday, 21 January 2022 12:18 AM

පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් පිටවෙන්න

:       0       0

සෑම් Friday, 21 January 2022 02:40 AM

අවසානයේ රටට හදිසි අවශ්‍යතාවලට බෝම්බ ගබඩාකර බෙදාහැරීම සිදු කරන්නේ හම්බන්තොටින්

:       0       1

saman Friday, 21 January 2022 07:08 AM

කෝ මේ කාදිනල්?

:       2       1

Bunny Preena Friday, 21 January 2022 08:50 AM

වෛද්‍යවරයා නම් අරුම පුදුම මානසික රෝගියෙක්. බෝම්බ පුපුරවා යාමට ප්‍රථම සොයාගැනීම වාසනාවක්.. මෙම වැඩේට හවුල්වුණු අනික් පුද්ගලයින් නම් මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ මුදල්වලට තියෙන කෑදරකමට... මැරිච්ච මිනිහත් සල්ලිවලට දිව දික්කරනවයි කියන්නේ නිකන්ද?

:       3       3

nimelen Friday, 21 January 2022 09:31 AM

ගෙවල්වල තියෙන ප්ලාස්ටික් තුවක්කු වීසිකරපල්ලා... පොලිසියෙන් පැන්නොත් අල්ලන් යාවි.. ආයුධ ගබඩාවක් කියලා.

:       1       8

sharm warn Friday, 21 January 2022 09:50 AM

අලුත්ම තිර පිටපත... මේ මොන පව්කාර වැඩක්ද? කොහොම වුණත් හෙමින් සැරේ කතෝලිකයෙක්වම ගාවලා පල්ලියෙන්ම වැඩේ වහන්න හදන බව පෙනෙන්න තියෙනවා. එකක් කියනවා නම්.., දෙවියන් වහන්සේ තීරණ ගන්නේ මිනිස්සු වගේ නෙවෙයි. තීරණ ගනිද්දී මිනිස්සුන්ට මුකුත් කරන්න ඉතුරු වෙන්නේ නැහැ..

:       1       11

Jayanath Friday, 21 January 2022 10:05 AM

මෙයාලා කාටද මේ බොරු කියලා රවට්ටන්න හදන්නේ...?

:       1       13

fairoos Sunday, 23 January 2022 02:20 PM

පිටපත් ලිවීමේදී කොතනකහරි පොඩි වැරැදීමක් වෙලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 208 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 498 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 218 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 153 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 231 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 23 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site