(ඩයනා උදයංගනී)
ඉදිරි දුම්රිය ගාස්තු සංශෝධනයේදී එම ගාස්තු සියයට 58කින් පමණ ඉහළනැංවීම සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (29) පැවසීය.
ඒ අනුව තුන්වන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක පළමු කිලෝමීටර 10 සඳහා කිලෝමීටරයක් වෙනුවෙන් අය කෙරුණු රුපියල් 1.30ක ගාස්තුව රුපියල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව කිලෝමීටර 10ක් සඳහා ගමන් ගන්නා අයකුගේ දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.
මෙම මිල ඉහළයාම බස් රථ ගාස්තුවට සාපේක්‍ෂව අඩු බව ද දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේ සිවු වතාවක් ඉන්ධන මිල ඉහළ ගියත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුනොවු බව කී ඇමතිවරයා ඒ හේතුවෙන් ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට දුම්රිය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රිය ගාස්තු සියයට 58 කින් නගී
Sunil Wednesday, 30 March 2022 02:28 AM
ක්‍රියාත්මක කරන විට බලා ගත හැකි මේ සියයට 58 කුමක්ද කියා.එය සියයට 75 ටත් වැඩි වෙයි
sujeewa Wednesday, 30 March 2022 11:19 AM
ඔය වැඩි කරන මුදලෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය පියවා ගන්නවා මිස කාර්යමණ්ඩලවලට දීමනා අනන් මනන් ගෙවලා ප්‍රශ්නය තවතවත් වැඩිකරලා දුම්රිය සේවය රටට බරක් කරන්න නම් එපා. මේ වෙලාවේ රට ගැන හිතලා තීරණ ගන්නේ නැති දේශපාලකයින් විතරක් නෙවෙයි, රට ගැන හිතලා වැඩ කරන්න බැරි රජයේ සේවකයන්ගෙනුත් වැඩක් නැහැ...
Prabha Wednesday, 30 March 2022 01:56 PM
කොච්චර වැඩිවුණත් අද එන්න ඕනෙ කෝච්චි එන්නේ හෙටනම් වැඩක් නෑ.