(මනෝප්‍රිය ගුණසේකර)
ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී , දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අජිත් සිසිර කුමාර මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුව ජුනි මස 9 වෙනි දින සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) තිරණය කළේය .
පලමු විත්තිකාර ජයතිලක මහතා දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ව සිටියදී ,2012 වසරේදී ගල් කොරයක් පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර ලබා ලබාදීමට රුපියල් ලක්ෂ 7 ක අල්ලසක් ඉල්ලා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබා ලබාගැනීම යටතේ සහ දෙවැනි විත්තිකරු ,ඊට ආධාර අනුබලදීම ඇතුළු අධි චෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සජිත ජයතිලක මහතා හා අජිත් සිසිර කුමාර යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය අමතමින් විත්ති පාර්ශ්වයට අවශ්‍ය ලේඛන ලබා ගැනීම සඳහා දින ලබාදෙන්නයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය .
ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුනි මස 9 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දොම්පෙ හිටපු සභාපති මිලාන්-මන්ත්‍රී අජිත්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට