(මකුලෑව ලේකම්ගේ අනුර සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)
කොලොන්නාව සිට අනුරාධපුරය බලා ඉන්ධන රැගෙන ගිය දුම්රියක් තඹුත්තේගම දුම්රිය ස්ථානයේදි අද පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
ඉන්ධන ටැංකි 9ක් සහිතව ගමන් කළ මෙම දුම්රිය අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට ඉඩදීම සදහා වෙනත් මාර්ගයකට මාරු කිරීමට යාමේදී පසුපස ඉන්ධන පෙට්ටි දෙකක් පීලි පැනීමට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් තඹුත්තේගම දුම්රිය ස්ථානාධිපති සුදර්ශණ සේනානායක මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.
අනරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට ප්‍රමුඛත්වය ලබාදීම සදහා ඉන්ධන දුම්රිය දෙවෙනි මාර්ගයට යොමු කිරීමත් සමග සිල්බරන්කොට කැඩීයාම සහ රේල්පීලි කැඩීයාමේ හේතුවෙන් මෙම පීලි පැනීම සිදු වී ඇති බවයි එහිදී දුම්රිය ස්ථානාධිපති වරයා වැඩිදුරටත් කියාසිටියේ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තෙල් දුම්රිය තඹුත්තේගමදී පිලි පනී