
(අංජුල මහික වීරරත්න)
තරුණ තරුණියන්ගේ ශ්‍රමය යොදා ගනිමින් දිවයිනේ තෝරා ගත් රෝහල් 33ක් අලුත් වැඩියා කිරීම ඇතුළු ශ්‍රමදාන වැඩසටහනක් අද(17) පැවැත්විණි.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමග ඒකාබද්ධව මෙම ශ්‍රමදාන වැඩසටහන සිදුවිය.
මෙහි ප්‍රධාන වැඩසටහන කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රෝහල් පද්ධතියේ තාක්ෂණික අලුත්වැඩියා, විදුලි හා ජල නල පද්ධති නඩත්තුව, යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිසරය පිරිසිදු කිරීම මෙහිදී සිදු කෙරිණි.
තරුණ තරුණියන් ලබන ඉලෙක්ට්‍රොනික, විදුලි, ජල නල, ගොඩනැගිලි නඩත්තු, යාන්ත්‍රික හා තාක්ෂණික දැනුම රටේ පොදුජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා ප්‍රායෝගිකව යෙදවීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ගේ ලණු කන උන් තවම ඉන්නවනේ
ඉතාම යහපත් ලස්සන ඇගයිය යුතු ක්‍රියාවක්!!! බුදු සරනය් සියලු දෙනාටම!! අපේ රටේ මිනිස්සු කොහොමත් හරීම කාරුනික හදවත් තියෙනවා පොදු වැඩ වලදි!!! බුදු සරනයි
හොඳ වැඩක් . පුහුණුව මගින් රටටත් අත්දැකීම් දෙන්න. මේ වගේ රාජ්‍ය ආයතන වල නඩත්තු වැනි කටයුතු වලින් ඇත දැකීම ලබා ගන්නවානම්, රටටත් ඉතිරියක්.