IMG-LOGO

තියුණු අවි රැගෙන ආ පිරිසක් මහ දවල් අයියයි - නංගි කපා කොට දමයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී  කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටි කණ්ඩායමක් ඒ  මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

එම සැකකරුවන් සමග ඔවුන් පැමිණි තීරෝද රථ දෙක, කඩු හතරක්, මන්නා තුනක් හා පොලු මුගුරු දෙකක් පොලිසියේ භාරයට ගෙන ඇත

සිද්ධියෙන් බරපතළ තුවාල ලද 52 පුද්ගලයා සහ ඔහුගේ නැගණිය වන 47 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත

 

 



අදහස් (6)

තියුණු අවි රැගෙන ආ පිරිසක් මහ දවල් අයියයි - නංගි කපා කොට දමයි

කිරි පුතා Friday, 09 September 2022 09:33 AM

රටේ නීති පද්ධතිය යාවත්කාලීන විය යුතුයි . හරි හමං දඬුවමක් නැති නිසාත් මුදල් නිසා ඔිනම කූණු ගොඩක් වෙනුවෙන් පෙනී සිටින නීති දන්න කොටසක් ඉන්න නිසාත් නරක මිනිසුන් වැරැද්ද ට බය නෑ

:       0       17

soma Friday, 09 September 2022 11:32 AM

මෙහෙම ගියොත් මේ රටට මොකද වෙන්නේ...? නීතියේ තියෙන දුර්වලකම නිසා මැරයින්ට රට බාරදෙමුද? පොලීසිය හරියට කටයුතු කරනවා නම් අපරාධ අඩු කරන්නට පුළුවන්...!

:       1       15

thusharaFriday, 09 September 2022 12:26 PM

පොලීසිය පාතාලේ අල්ලන්න ගියොත් අරගලකාරයෝ අල්ලන්නෙ ඔයාගේ බාප්පද?

:       5       14

sugath Friday, 09 September 2022 03:58 PM

අද පොලිසියක් තිබුණාට, පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. එබැවින්, කෙනෙකුගේ ආත්ම ආරක්ෂාව සඳහා ගිනි අවි ළඟ තබා ගැනීමට ඉඩදිය යුතුයි...

:       1       0

චන්දන Friday, 09 September 2022 04:35 PM

කුමන හෝ ක්‍රමවේද අනුගමනය කරමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න...

:       0       0

Santhu Friday, 09 September 2022 05:39 PM

හොඳට තියෙයි, සුගත් කියන විදියට, මේ කපන කොටන විදියට ගිනිඅවි දුන්නොත් හිතුමතේට වෙඩි තියන්නත් පටන් ගනීවි. තම ආත්ම ආරක්ෂාව කියලා. (ඒකත් කිරි පුතා කිවූ ලෙසට හරි හමං දඬුවමක් නැති නිසාත්, මුදල් නිසා ඕනෑම කූණු ගොඩක් වෙනුවෙන් පෙනී සිටින නීති දන්න කොටස් වලට තව වාසියි...)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 452 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site