IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40 විකුණයි

(සුජිත් හේවාජුලිගේ )

ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි ආර්ථික ක්‍රියාදාමයන් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවට ඇතුළුවීමේ අවශ්‍ය නැතැයිද ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ කුණු හෝදන කුණු ලොරියක් හෙයින් ඊට සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නැතැයි ලක්ෂමන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (49)

ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40 විකුණයි

shan Sunday, 07 August 2022 11:50 AM

අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්.

:       5       167

ABSunday, 07 August 2022 06:24 PM

ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ඉල්ලීමක් කර සහ රටේ ආර්ථික, මූල්‍ය කටයුතු නියමිත ආකාරයට කරගෙන යාමට ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය නොදක්වන විපක්ෂය පිළිබඳවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කනස්සල්ල පළකර ඇත. විපක්ෂයේ සහයෝගය ලබාදීම මගින් ආණ්ඩුවක් පිහිටුවා IMF සහයෝගය ලබාගැනීමට ඉක්මනින් කටයුතු නොකිරීම නිසා රටේ පවතින ආර්ථික සහ සමාජීය අර්බුද නිසා ජනතවට ඉදිරියේදී දැඩි අපහසුතා විඳින්නට සිදුවනු ඇති බව කියැවේ.

:       18       52

de silva Sunday, 07 August 2022 11:54 AM

එන සියලුම ආණ්ඩුවලට කඩේ යන හොරුන්ට ඔය රාජ්‍ය ආතන වල ලොකු පොඩි රස්සාවල් දෙන්න. ඒක සමහර ඈයොන්ට ලක්ෂ 30 ට වැඩි වැටුප් මාසෙකට ගෙවනවා. අමතරව වාහන නිවාස වැනි දේවල් දෙනවා. ඒ මදිවට උන් එකේ සිට හොරකම් කරනවා. අන්තිමට ඒවගේ පාඩු පියවන්න වෙන්නේ අපේ බදු සල්ලි වලින්.

:       2       166

Agampodi Upali Amaranath De Silva Sunday, 07 August 2022 12:12 PM

Very Great decision at last by your party, We need to enhance the efficiency and productivity in these organisation, Government cannot pump and print money for these white elephants. Thanks for your party decision and show your party ability and actions to rebuild the nation.

:       1       45

සත්‍යා Sunday, 07 August 2022 12:12 PM

සමහර අය රජයේ රැකියා කරන්නෙ නිවාඩු ගන්නයි, මළ ගෙවල් මගුල් ගෙවල්වල යන්නයි, වේලාසනින් ගිහින් ළමයි පාසැලෙන් ගන්නයි, ළමයි ටියුෂන් දාන්න වගේ තමන්ගෙ වැඩ කරගන්නයි. දේ්‍ශපාලකයන් අත වැරදි තිබුණත් මේ වගේ අවස්ථාවාදී සෙට් එකක් ඔය කොයි ගමෙත් නගරයෙත් ඉන්නවා. ආකල්ප අතින් කපටිකමයි කළ දුටු කල වළ ඉහගන්න එක තියන මෙයාලා හිතන්නෙ අනිත් අයගෙත් හැටි මෙහෙමයි කියලා. මෙවැනි රටක හා සංස්කෘතියක ටෙලිකොම් එක වගේ ආයතන අර්ධ පෞද්ගලිකරණය කරන්නම වෙනවා ඔය කපටියන්ගෙනුත් රට බේරන්න නම්.

:       1       60

Prase Sunday, 07 August 2022 12:16 PM

පෞද්ගලික කරනවට විරුද්ධ වෘත්තීය සමිති සහ සේවකයෝ ආතනය පාඩුවට පවත්වාගෙන යාමෙන් රටේ ජනතාවට බරක්. ලක්ෂ 200ක් ජනතාවට පෞද්ගලික කරනවාට කැමතියි. IMF කියන දේ තමයි ජනතාවට ඕනි. ආණ්ඩුවට තියෙන්නේ ඡන්දයක් තියලා ජනතාවගේ කැමැත්ත අකැමැත්ත බලන්න. එහෙම නැතුව වෘත්තීය සමිති වලට ඕනි විදියට මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. අපි රටේ ජනතාව.

:       3       162

ලංකාපුත්‍රSunday, 07 August 2022 04:17 PM

ඇත්තටම මේ අදහස හරි,1956දී සියල්ලම රාජ්‍ය දේපළ කිරීමට පටන්ගත් දවසේ සිටම රටට සිදුවුණේ විනාශයක්. අතීතයේ විදුලි දෙපාර්තමේන්තුව දැන් මණ්ඩලය අර්ධ රාජ්‍ය නිසා පාඩු ලබනවා. පාඩුව ජනතා මුදලින් භාණ්ඩාගාරයෙන් ගෙවනවා එම මුදල් රටට වැඩදායක දෙයක් කරන්න තියෙන මුදල්. ලංගම පාඩුයි පුද්ගලික බස් ලාභයක් ගන්නවා. ටෙලිකොම් අතීතයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව දැන් ටෙලිකොම්. ලාභය ලබනවා අයි.ඕ.සී ලාභ ලබද්දී සිපෙට්කෝ පාඩුවට දුවනවා. මේනිසා ජනතාව මේ ගැන දැනුවත් කර ජනතා මතය විමසා IMF කියන සියලු ආයතන පෞද්ගලීකකරණය කළ යුතුයි. එතෙක් අපට අනාගතයක් ඇත්තේම නැත. කැඳයි රැවුලයි දෙකක් බැහැ පෝෂණය (දිවි රැකුමට) සඳහා රැවුල කපා කැඳ බොන්න වෙනවා

:       3       108

sena Sunday, 07 August 2022 12:53 PM

හරියටම හරි. මහජනතාවගේ බදු මුදලින් යැපෙන කිසිම සේවකයෙක් තියාගන්න එපා. වෘත්තිය සමිති කාරයෝ කියනවා මහජන දේපොළ කියලා. ඉතින් මහජනවා බදු ගෙවනවා එයාලා සැප විඳිනවා.

:       1       127

Prase Sunday, 07 August 2022 03:13 PM

සේන, අපි වෘත්තීය සමිති වලට විරුද්ධව ජනතාව පෙළ ගැස්විය යුතුමයි. දේශපාලකයො නෙවේ මෙතන ඉන්නේ. ලොකුම හොරු, ඔහ වෘත්තීය සමිතිවල ලොකුම හොරු, උන් එක එක ආණ්ඩුවට කඩේ ගිහින් උන්ගෙ ඉල්ලීම් දිනාගෙන ජනතාව හිඟන්නො කරනවා. ආයතන වල බිලියන ගණන් වංචා සිද්ද වෙනකොට මුන් වෘත්තීය සමිති ක්‍රියාමර්ගයට යන්නේ නෑ. පෞද්ගලික කාරණය පඩිය වැඩි කර ගන්න වෘත්තීය ක්‍රියාමාර්ගයකට ඕනෑම වෙලාවක යනවා.

:       1       85

සුජිත් පල්ලේවත්තMonday, 08 August 2022 07:09 AM

උදාහරණ සමන්‍ රත්නප්‍රිය අද මොහුට රටේ කිසිම ප්‍රශ්නයක් නැත.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිම අර්බුධයක් නැත. එක තනතුරකින් සියල්ල විසඳි ඇත. රවී කුමුදේශ් - අද රටේ කොරෝනා ව්‍යප්තවීමක් නැත. PCR, රැපිඩ් ඇන්ටි ජෙන් රටපුරා අති සාර්ථකව ක්‍රියාත්මක වේ.එ බැවින් එදා මෙන් මෙදා නහයෙන් හඬන්නේ නැත.

:       0       11

mrp Sunday, 07 August 2022 01:11 PM

රාජපක්ශාලයි ඔය ගොල්ලොයි හූරාකන්නම ඉපදුනු නිලධාරි කියන හැත්තයි කැරලි කාරයොයි කොටියි ඔය කවුරු කවුරුත් කරපු දේවල් වල පව් ගෙවන්න වෙලා තියෙන්නේ දෙසපලකයින්ට නෙමෙයි අපිට, කොහොමත් කවුරු රට පාලනය කලත් රාජ්‍ය ආයතන නඩත්තු කරන්න ණය දෙන්නේ නැහැ. මොන පාලනයක් ආවත් ණය ඕන නම් රජය ව්‍යාපාර වලින් ඉවත් වෙන්න වෙනවා.

:       5       92

janahitha UAESunday, 07 August 2022 05:49 PM

කැරලිකරුවන් කියන්නෙ, අයුක්තියට, වංචාකරුවන්ට එරෙහි වුණ ජනතාව. ඔබ සිටියේ කුමන පැත්තෙද කියා සිතා බලන්න. මුළු රටේම ධනය කොල්ල කෑම සිදුකළ පිරිස නිදල්ලේ හිඳිමින් කටයුතු එලෙසම කරගෙන යනවා. ඔවුන් විසින් කොල්ලකන ලද මුදල්වලින් විදේශවල ඇති සම්පත් නඩත්තුවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කළ යුතු සෑමදෙයක්ම කරනවා. එම සම්පත් රැකගැනීමට රටින් බාහිරව ඉන්නා කොල්ලකරුවන් බලය අත්හරින්නෙ නැහැ කොල්ලකරුවන් සහ කැරලිකරුවන් පැහැදිලිව හඳුනාගත යුතුයි.

:       11       24

AnuraSunday, 07 August 2022 06:51 PM

ඔහෙලා දීපු ඡන්දවල ප්‍රතිඵල තමයි මේ, රට බංකොලොත් වෙනකොට අරගලයක් තිබ්බේ නැහැ නේ, තමන්ගේ වැරදි අනුන්ගේ පිට පටවන්නේ නැතිව ඉන්න

:       10       12

චන්දන Sunday, 07 August 2022 01:14 PM

දේශපාලකයන් සහ නිලධාරීන් ගසා කන තෙල්, විදුලිය , එයාර් ලංකා වගේ දූෂිත තැන් දීල දැම්මොත් හොඳයි .

:       1       97

අසංක බුද්දික ගලප්පත්ති Sunday, 07 August 2022 01:40 PM

ඉතාමත් හොද වැඩක්.

:       1       91

Suranga Amarajeewa Sunday, 07 August 2022 01:44 PM

Loss making institutions must be privatized then they can take capital from other countries through showing their Balance sheet.

:       2       52

Kumara Sunday, 07 August 2022 02:08 PM

අපි මොනවා කිවුවත් දේශපාලකයො කරන්නේ කොමිස් ගන්න පුළුවන් දේ විතරයි. ජනතා පරමාදිපත්‍ය අපේ රටෙ දැන් නෑ. රට ව්නාස කරනවා මාරුවෙන් මාරුවට. ශ්‍රිලංකාවත් ජනතාවත් පව්.226 කොල කූට්ටම අනඅනා ගසා කනවා.පාඩු ලබන ආයතන පුද්ගලීකරණයට දීම වරදක් නෑ .නමුත් පුද්ගලීකරණය අරමුණු කරගෙන ලාභ ඉපයිය හැකි ආයතන හිතාමතා දුර්වල කිරිම ශාපයක්.

:       5       39

de silva Sunday, 07 August 2022 02:23 PM

ඉන්දියන් ඔයිල් සමාගම ලාභ ලබනකොට සංස්ථාව පාඩු ලබන්නේ අනවශ්‍ය ප්‍රමාණයට සේවකයෝ සිටීම, හොකරම් කිරීම වැනි දේ නිසා. ඕක පෞද්ගලික අංශයට දුන්නොත් ලාභ ලැබෙයි. එහෙම වුණොත් බද්දක් හරි ආණ්ඩුවට ලැබෙයි. ඕක ආණ්ඩුව කළොත් අනිවාර්යයෙන්ම පාඩු ලැබෙනව. පාඩු පියවන්න වෙන්නේ අපේ බදු සල්ලි වලින්.

:       0       70

Prabha Sunday, 07 August 2022 02:33 PM

ඒකෙ පාඩුවත් දේශපාලඥයන්ටම තමයි. මීට පස්සේ රස්සාවල් දෙනව කිය කියා ඡන්ද හිඟා කන්න බැරි වෙනවා.

:       0       58

R.F. Mohideen Sunday, 07 August 2022 02:39 PM

That is good for the country in the long term..

:       0       22

ganegoda Sunday, 07 August 2022 03:00 PM

අවුරුදු 05කට බලයට ඇවිත් අවුරුදු 100කට අපේ රට විකුණාගෙන කන එක හරිද? මේ ගැන කතා කරන අයට කියන්නේ " අරගලකාරයෝ" කියලද?

:       22       10

Prase Sunday, 07 August 2022 03:06 PM

මිස්ටර් කිරිඇල්ල, ඔබතුමා සහ පක්ෂය වෘත්තීය සමිති හොරුන්ට කඩේ යන්න එපා ආණ්ඩුව පෙරලලා ඔබේ රජයක් පිහිටුවා ගන්න. එහෙම වුණොත් ලක්ෂ 200ක ජනතාව විරුද්ධ දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තියන එක නවත්තන්න බැහැ. වෘත්තීය සමිති වල ඉන්න සොච්චමක් වගේ මිනිස්සුන්ගෙ මතය නොවෙයි රටේ ජනතාවගේ මතය. රටේ ජනතාවගේ මතයට තීරණ ගන්න.

:       1       39

සේනක Sunday, 07 August 2022 03:19 PM

වහාම විකුණන්න.විකුණන්න පරක්කු වුණ එකයි වැරැද්ද.මේව විකුණන්න කියන්න අරගලයක් පටන් ගන්න ඕන.

:       0       55

pakeer Sunday, 07 August 2022 03:22 PM

නියමයි. කාලකන්නි ටික ඉවරයි. බැරිදි ජනාධිකමයි, අගමැතිකමයි පෞද්ගලිකකරණය කරන්න? ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නෑ.

:       2       40

amila Sunday, 07 August 2022 04:11 PM

ඕක අයි එම්එෆ් කියනකල් ඉන්නේ ඇයි.

:       0       48

waduwa Sunday, 07 August 2022 04:16 PM

මුළු රටම එක පාර ජපානයට වගේ විකුණනන් බැරිද?

:       6       27

de silva Sunday, 07 August 2022 04:20 PM

සිංගප්පූරුවේ ඔක්කොම දේවල් කරන්නේ පුද්ගලික අංශය. එහෙ මිනිස්සු පෙට්‍රෝල්, ගෑස් පෝලීම්වල ඉන්නවද? බඩගින්නේ ඉන්නවද? 80 දශකයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ ලංකාවේ ටෙලිකොම් ආයතනය පවතිනම කාලේ 2%කටවත් දුරකථන නැහැ. පුද්ගලික සමාගම් කරලියට ආවටය පසු අපි හැමොට්ම ටෙලිෆෝන් තිබෙනවා. වෘත්තිය සමිති, විමල්, වාසු ගම්මන්පිල කරන්නේ අපි හැමෝම මුලාවේ දමන එක. ඕවා විකුණලා දමන්න.

:       0       57

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 August 2022 04:23 PM

රටේ ජනතාව ගතානුගතික විදිහට හිතුවා හොඳටෝම ඇති. වෘත්තීය සමිතිකාරයන්, දේශපාලුවන් හා හෙංචයියන්හට රැවටුනා හොඳටෝම ඇති. IOC ඉන්ධනවලින් රටකින් රටකට ඇවිල්ලත් ලාභ ලබනවා. ඒත්, තෙල් සංස්ථාවේ ඇති හොර මැරකම්, වංචා දූෂණ නිසා පාඩු ලබනවා. එක එක රට නොමග යවන කතා කියා රටේ ජනතාවට ඒ ණය බරත් ගෙවන්නට වෙනවා. විදුලි බලමණ්ඩලයත් එහෙමයි. මේවා තියාගෙන හොරුන් පෝෂණය කොට ජනතා මුදල් නාස්ති වෙන්න ඉඩ නොදී විකුණා දැමීමට පියවරගත යුතුයි. එසේම, නැව් නොඑන වරාය, ප්ලේන් නොඑන ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ, පාඩු ලබන දුම්රිය සේවය ඇතුළු දේවල් තියාගෙන රට තවත් වලපල්ලට යනවාට වඩා විකුණා දමා පුළුවන් කෙනෙකුට කරන්න දිය යුතුයි. වෘත්තිය සමිති නිතරම හිතන්නේ, තම අයිතිවාසිකම් ගැන පමණයි. යුතුකම් ගැන කතා නැහැ. මොවුන් මට්ටු කළ යුතුයි. රට වෘත්තිය සමිති මාෆියාවෙන් බේරාගත යුතුයි.

:       1       45

Anura Sunday, 07 August 2022 04:39 PM

This is something that must do immediately

:       0       32

Sanath Sunday, 07 August 2022 04:56 PM

ආයතන පුද්ගලීකරණය කරන එක නවත්තන්න බැහැ. හැබැයි ඔය දාල තියෙන අදහස් මතක තියාගන්න. ටෙලිකොම් එක දුන්නෙ ජපානයට. ඒක හින්ද හරිගියා. බලශක්තිය දෙන්නෙ ඉන්දියාවට. බලමු එතකොට අදහස් දාන අය කියන්නෙ මොනවද කියලා. ඔය කට්ටියම යහපාලනය හොද නෑ කියල පොහොට්ටුව ගෙනාව. දැන් කොහොමද. තෙල් එක්ක විදුලිය එක්ක වැඩකරන අයගේ අවදානම, ලංගම වාහන එලවන අයගේ ආතතිය වැටුපෙන් මනින අයට ඒවා පුද්ගලික වුනාම මොකද වෙන්නේ කියලා බලන්න.

:       32       5

ගතානුගතික Sunday, 07 August 2022 05:40 PM

ගතානුගතික කුණු හෝදන කුණු ලොරියක්

:       0       8

විපරමා Sunday, 07 August 2022 06:05 PM

රාජ්‍ය ආයතනවල වැඩිපුරම ඉන්නේ පුටු රත්කරන අය. අයිස් ගහනවා මිසක් හරියට වැඩක් කෙරෙනවාද. නිකම් ඉඳන් පඩිගන්නවා. රටකට හරියයිද. ඕවා විකුණන එකමයි හොඳ. දැනටමත් පරක්කු වැඩියි.

:       0       33

Bamunuarachchi Sunday, 07 August 2022 06:08 PM

මේ ආණ්ඩුව රාජපක්ෂලාගේ කුණු හොදනවා නොවෙයි. රට ගෙනියන්න නම් කරන්න තිබෙන්නේ ඕ පමණයි. අකමැත්තෙන් හරි කරන්න වෙනවා. අමරවීර ඇමති කියන්න කාබනික පොහොර කෙරුවාව දිගටම කරනවා කියලා.

:       3       14

Thirumurali Sunday, 07 August 2022 07:29 PM

ඔය ආයතන ඔක්කොම ප්‍රයිවෙට් කරන්න ඕන. ප්‍රයිවෙට් ආයතන වටින්නේ නෑ. රාජ්‍ය ආයතන වටිනවා. මොකද හේතුව හරි පාලනයක් නැතිකම

:       0       21

Asela Sunday, 07 August 2022 09:46 PM

ඔය දේ මීට අවුරුදු 3ක් හෝ 4කට කලියෙන් කලා නම්, අද රට ගොඩ. රජයේ නිලධාරීන්ට දෙන වාහන පර්මිට් එක සම්පූර්ණයෙන්ම අහෝසි කල යුතුයි.

:       1       27

C.K.LankaputhraMonday, 08 August 2022 05:22 AM

ඇයිඒ විතරක්, මත්රී වරුන්ට දෙන වාහන පර්මිටි පහ, බාර් පර්මිට් සුඛෝභ හෝගි වාහන. දිග වැඩි නිසා ලියන්න බැරි තරම් වරප්රසාද?

:       0       7

Athula Sunday, 07 August 2022 10:26 PM

උඹලා ඉතින් රට විකුණන් කන්නම ආපු උන් පාට වෙනස් මුහුණු වෙනස් එච්චරයි.. හැබැයි අපිට ඕන රට උඹලා කවදාවත් දෙන්නේ නැහැ.. අපි ඒක ලබාගන්නවා.

:       23       9

Lalla Monday, 08 August 2022 01:25 AM

සිපෙට්කෝ ලංවිම ශ්‍රී ලන්කන් එයාර් ලයින් ලංගම. දුම්රිය ජලසම්පාදන ඔක්කොම විකුණන එක හොඳයි.

:       0       7

sanoj Monday, 08 August 2022 01:37 AM

රජයේ කිසිම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය පරිදි වැඩ නොකරන නිසා මේ මොහොතේ කළ යුතු හොඳම දේ මෙයයි. නිකන් පඩිය ගන්න අය ඉන්න‍ෙ

:       0       5

ලමය Monday, 08 August 2022 05:15 AM

ඔය ආයතනවල එකෙක් වඩකරන්නෙ නෑ , අයිස් ගහන එක කරන්නෙ. උන්ට මාසෙ අන්තිමට පඩිය ලැබෙනව, ඒ මදිවට ඔ ටී ත් ගහනව ඇති වැඩක් නෑ. චන්දෙ කාලෙට නැති රස්සා දෙනව, එකෙක් කරන වැඩේට 10 ඉන්නව. වරාය, විදුලි බල මංඩලය, c t b , තෙල් සංස්්‍තාව. ඔය හැම තැනම දේශ පාලුවො අවුරුදු 74 විනාශ කල තැන් . ඔය 225 ඇතුලේ ඉන්න ප්‍රදාන පක්ෂ තමයි ඔය විනාශය කලේ දැන් වත් ඔව නවත්තපල්ලා , නැත්තන් කොහෙන් වත් සල්ලි නෑ.

:       1       6

Athanasius Fernandopulle Monday, 08 August 2022 06:46 AM

මේක නම් ජාතික අපරාධයක්.

:       3       0

Indika Monday, 08 August 2022 09:00 AM

මේ ආයතන ඔක්කොම ධම්මික පෙරේරාට දෙන්න. ලාභ පෙන්වලා දෙයි.

:       2       4

කරු ගමගේ Monday, 08 August 2022 09:12 AM

රාජ්‍ය ආයතන දේශපාලුවන්ගේ ක්ෂේම භුමි වැනිය. නිසි රාජ්‍ය ප්‍රතිපත්තියකින් තොරව මේ ආයතන පවත්වා ගැනීමෙන් ඒ සඳහා නඩත්තු ගෙවන්නේ මහජන මුදලිනි. දේශපාලකයින්ගේ පා ලෙවකන සුරතලුන්ට ඉහළ වැටුප් ගෙවා පත්කොට සුරසැපදී ගැත්තන්ට රස්සා සපයන කාර්යය නොකොට යම් සැලසුමකට අනුව අතීතයේ මේ ආයතන ලාබ ලබමින් පවත්වාගෙන ගියමුත් දශක ගණනාවක් එම වැඩ පිළිවෙල අවුල්විය. මේවා සුදු අලිබවට පත්කළ වුන්ට කිසිඳු දඬුවමක්ද නැත. මේවාට අරක්ගත් ඊනියා පිංපඩි ලබන සමිති කාරයින්ද තව පිළිලයන්ය. එබැවින් පෞද්ගලීකරණය එකම විකල්පයයි...

:       1       3

SL Monday, 08 August 2022 10:42 AM

එහෙම වුණාම කොහොමද RDA එකට තමන්ගේ හෙන්ච්ච්යියන් දාලා මාසෙට 50000 ගානේ පඩි දෙන්නේ නේද? දුවත් එක්ක එකතු වෙලා RDA එකේ ගත්තු කොමිස් ගැන ගොඩක් අය කතාවෙනවා.

:       0       3

podi hamine Monday, 08 August 2022 12:44 PM

ඔය සියල්ල පසෙක තබා ඡන්දයක් තියන්න... ජනතාවට තීරණයක් ගන්න වහාම ඉඩ සලසන්න රට විනාශ කර හොරු නඩයක් ගැන ජනතාවගේ කිසිම විශ්වාසයක් නැහැ...

:       5       1

[email protected] Monday, 08 August 2022 07:43 PM

Those departments should be fully privatized as full institutes and not just streamline. There is always talk about Streamline the gov. departments when every government comes but that has not worked ever. Fully blanket privatization is the only plausible way as having sub-department take over wont be allowed by Trade-union mafia and political gamblers. Time to get this started ASAP.

:       0       1

AKS Monday, 08 August 2022 08:12 PM

මුලු රටම වික්කත් හොඳයි

:       1       1

Rupa Tuesday, 09 August 2022 11:46 AM

රට විකුණන් කන්නේ නැතුව තොපි මකබැවිලා පලයවූ අපිට අපේ රට ඕනෙ අපේ දරුවන්ට රට ඉතුරු කරපියවූ

:       0       1

පුරවැසියා... Tuesday, 09 August 2022 07:31 PM

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි රටට විශාල වශයෙන් බරක්ව පවතින රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම අනිවාර්යයෙන්ම විය යුතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 12 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 313 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1038 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2475 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1670 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 980 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1445 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site