IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය කැබිනට්ටුවට

(අංජුල මහික වීරරත්න)

ඩිජිටල් අධ්‍යාපනය සඳහා පූර්ණ ප්‍රතිපත්ති රාමුවක් 2026 මාර්තු වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

නව පරිවර්තනයක් තුළින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේදී දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ජාතික කාර්යය සඳහා සියලු අංශ එකාබද්ධව කටයුතු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සංවිධානය කළ "අපි එක්ව ගොඩනගමු" යන තේමාවෙන් අරලිය ගහ මන්දිරයේ පැවති ගෝලීය ව්‍යවසායකත්ව සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව සඳහන් කළාය.

"2025 වසරේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය අද සිට ආරම්භ වෙනවා. එය මෙරට ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමට සහ ඒ සඳහා අවශය අවස්ථා නිර්මාණය කිරීමට සක්‍රීයව දායකවීමක්. මේ සතිය අපේ ජාතික අරමුණ හා සම්බන්ධයි. නිර්මාණශීලීත්වය, සහයෝගීතාවය සහ නවෝත්පාදනය රටේ ඉදිරි සංවර්ධනයට ඉතා වැදගත්.

අපේ රජයේ දැක්ම අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්‍රතිලාභ ලබා ගත හැකි රටක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය ඉතා වැදගත් ඒ වගේම ආර්ථික විවිධාංගීකරණය, අපනයන වර්ධනය, තරුණ සවිබල ගැන්වීම සහ සමතුලිත සංවර්ධනය සඳහාද ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය සාධකයක්" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

 



අදහස් (0)

ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය කැබිනට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 401 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site