
ඩිමොක්‍රටික් ප්‍රතිවාදී ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමඟ අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනී විවාදයට සහභාගි වීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔක්තෝබර් 15 වැනිදා එය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
ට්‍රම්ප් මහතාට කොරෝනා ආසාදනය වීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ විවාදය පැවැත්වීමට තීරණය කෙරිණි.
මේ වන විට ඔහු වෙතින් කොරෝනා රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප් මහතා පවසන්නේ විවාදය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම සිය ප්‍රතිවාදියාට ආරක්ෂාකාරී පියවරක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් තමා විවාදයට සහභාගි වන බව බයි්ඩන් මහතා ප්‍රකාශ කරයි.
අමෙරිකානු ජනාධිපතිවරණය ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
(බීබීසී ඇසුරෙනි)
-226-
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එන්න බෑ කියයි
chandima Thursday, 08 October 2020 02:59 PM
පොඩිකාලයේ පන්තියේ පාඩම් පොත කියවන්න දෙන දවසට ඉස්කෝලේ නොයාඉන්න, සුදුළූණු ගෙඩියක් කිහිල්ලේ තියාගෙන බුදියගෙන, පසුවදා උදේට ඇඟ රත්වෙලා උණවගේ කියලා උනගැනෙන්න එනවා කියලා බොරු කියලා පාසල් නොයා උන්නු හැටි මතක් වෙනවා. ට්‍රම්ප් ලෙඩේ ගනිද්දිම මටනම් හිතුණා බොරුවක් කරන්නේ කියලා... ඔය විවාදෙන් ගැලවෙන්නයි, අඩුවෙන ප්‍රසිද්ධිය ආයෙත් ලබාගන්නයි. අපේ රටෙන් ඉගෙනගෙනවත්ද?