IMG-LOGO

ජපානයෙන් මෙරටට සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ

(යොහාන් භාසුර)

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු මධ්‍යස්ථානයට ජපානයෙන් සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ අද (25) ප්‍රදානය කළේය.

මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ලබන මෙහෙයුම් තවදුරටත් කාර්යක්ෂමව කිරීම සඳහා ජපන් රජයේ ආධාර මත, මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ පිළිබඳ වැඩසටහන මෙම උපකරණ ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි මහතා නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට එම උපකරණ පිරිනැමීය.

ශ්‍රී ලංකාව කිලෝමීටර 1340 ක දුර ප්‍රමාණයකින් යුත් වෙරළ තීරයකට සහ වර්ගකිලෝ මිටර් 510,000 ක අනන්‍ය ආර්ථික කලාපයකට හිමිකම් කියන බවත් මෙම වෙරළ තීරයේ සහ අනන්‍ය ආර්ථික කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයක් විශාල සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කළාපය සඳහා ද ශ්‍රී ලංකාව වගකීමෙන් බැදී සිටින බවත් නාවික හමුදාව පවසයි.

සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහ සමුද්‍රීය පාරිසරික ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා, සමුද්‍රීය වපසරිය නිරන්තර අවේක්ෂණය කරමින් තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ එම තොරතුරු දැනගතයුතු පාර්ශවයන් වෙත මුදා හැරීම නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (1)

ජපානයෙන් මෙරටට සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීමේ උපකරණ

Don Saturday, 26 March 2022 03:04 PM

වර්ග කිලෝමීටර 510 ක් ම මාළු ටික අල්ලලා හොඳම අයව පිටරටවල් වල අයට කන්න අරින්න. අපිට ඔය තැලෙන, පොඩිවෙන පොඩිමාලු ටික කන්න පුළුවන්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 617 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site