IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයේ පාසලක පිහි ඇනුමකින් 39 ක් තුවාල ලබති

චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙ‍ෙනකු තුවාල ලබා තිබේ.

ඒ අතරින් වැඩි පිරිසක් හය හැවිරිදි වියේ පසුවන ළමුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අද පෙරවරු 8.30 ට පමණ මෙම පිහි ඇණුම එල්ල කර ඇති අතර සැකකරු ලී නැමති 50 හැවිරිදි අයෙකි.

තුවාලකරුවන් අතරින් දෙදෙනෙකුගේ තත්වය බරපතල වේ.

පසුගිය වසරේ සිදු වූ මෙවැනි අනතුරකින් හුබේ පළාතේ සිසුන් 8 දෙනෙක් ජිවතක්ෂයට පත් වූහ.

ගිනිඅවි ලඟ තබා ගැනීම චීනයේ තහනම් කර ඇති අතර මෑත වසරවලදී තියුණු ආයුධ සම්බන්ධ සීමා ද දැඩි කර තිබේ.


(රොයිටර් ඇසුරෙනි)
-226-
 



අදහස් (5)

චීනයේ පාසලක පිහි ඇනුමකින් 39 ක් තුවාල ලබති

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 02:16 AM

චීනුන් කියන්නේ මහම මහා පිළිකුල් මිනිස් කොට්ඨාශයක්. ගෙදර හුරතලයට ලෝකයේ අන් රටවල ඇතිකරන බල්ලන් පූසන් අමානුෂික විදිහට මරලා උයාගෙන කනවා. අන්තර්ජාලය බලන්න. චීනාව එපා වෙනවා. විශාල නයෙකුව පණපිටින්ම නටන තෙල් කටාමට දානවා. ඒ සතා එක්වරම කටාරමේ ගිලී බැදෙනවා. තවත් විනාඩි කිහිපයකින් නයිමස් බැදුම ඔවුන්ට රසවත් ආහාරයක්. අන්තර්ජාලයේ බලන්න. එක් දිනක් උගත් කාන්තාවක්, චීනාගේ මෙම ආහාර හොඳයි කියා අපත් සමග තර්ක කළා. ඒ පෙර ආත්මයේ චීනයේ ඉපදී ඉඳලා ජරාව කාලා පුරුදු අය. ලෝකයෙන් කොන්වීම නිසා පසුගිය දින බල්ලන් පූසන් මරාගෙන කෑම චීනයේ තහනම් කළා. සුරතල් සතුන් විදිහට තමයි ඇතිකරන්න පුළුවන්. ඒක නිකං විහිළුවක් පමණයි. මේ ටික කිව්වේ ශිෂ්ඨ මනුෂ්‍ය ධර්මයෙන් තෝරා චීනුන්ගෙන් ඉහත පුද්ගලයා කොට ඇත්තේ සාමාන්‍ය දෙයක් බව පෙන්වීමයි.

:       4       218

ලක්ඛණ හිමිFriday, 05 June 2020 04:25 AM

අළුත්ගමගේ මහත්මාගේ අදහස මමත් 100%ක්ම අනුමත කරනවා.

:       2       62

anuraFriday, 05 June 2020 05:49 AM

මෙම ලිපිය අනුව චීනා පිළිකුල් වන්නේ අපේ සම්මතයට එරෙහි සතුන්ගේ මස් අනුභව කිරීමද?. ඔය කලාපයේ සියළුම රටවල් ඔය වැනි මාංශ ආහාරයට ගන්නවා. ලෝකයේ සියළුම සතුන් තමන්ගේ ජීවිතයට ආදරෙයි. ඔබගේ දෘෂ්ඨි කෝණය අනුව ගවයන්, කුකුලන් හා මාළුන්ගේ මස් කෑවට කමක් නැහැ. ඒවා ඔබ පිළිකුල් නොකරන නිසා. චීනේ සිදුවන සත්ව ඝාතනය ගැන හිතන්න ඉස්සෙල්ලා අපේ රටේ සත්ව ඝාතන ගැන සොයා බලන්න. අපේ රටේ සත්තු මරන්නේ මීටත් වඩා පිළිකුල් විදිහට බව ඔබ නොදන්නේ ද? සතුන්ගේ ගෙල කැපීමෙන්, හක්ක පටස් දැමීමෙන්, උගුල් දැමීමෙන්. වැව්වල සිටින මිරිදිය මත්සයින් ගොඩට ගත් විගසින් මැරෙන්නේ නැහැ. උන් ගැහි, ගැහි පැය ගණනක් පණ අදිමින් මාළු ලෑල්ලේ ඉන්නා විට හිසට මිටි වලින් ගැසීම, ශරීරය කොටස් වලට කැපීම ආදිය කරනවා මම දැක තිබෙනවා. කොහේද ඉන්න චීනෙක් ගැන හිතන්න ඉස්සෙල්ලා තමා අවට සිදුවන ඉහත දේවල් ගැන අවධානය යොමු කර ඒ ගැන කථිකාවක් ඇති කරන්න. ඝාතන මොන ආකාරයට කරත් ඒවා අනුමත කරන්න බැහැ.

:       24       128

සමිත සේනක අලුත්ගමගේFriday, 05 June 2020 07:04 AM

ඔයා පැවසූ සියළු දේ මාත්, ප්‍රත්‍යක්ෂ කොට සිටිනවා. අදහස්වලට ස්තුතියි. මේවා ලිව්වාම අපේ අම්මලාට ඉඳන්ම බනිනවා. ඒත්, ඔයාට මාද මේවා අවබෝධ කොට සිටින බව ඉවෙන් හෝ නොදැනීම කණගාටුවට කරුණක්...

:       1       33

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 05:45 AM

එහෙමයි, හිමියනේ...

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site