IMG-LOGO

චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න දෙවරක් හිතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ඇතුළු චීනයෙන් ණය ලබාගෙන ඇති රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ණය සහන ඉල්ලා තිබීම හේතුවෙන් චීනයට තම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රතිපත්තිය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ණය කොන්දේසි පිළිබඳ සහ ණය ගෙවීමට නොහැකි රටවල් සමඟ එකඟතාවයකට පැමිණෙන්නේ කෙසේදැයි ප්‍රසිද්ධ නොකරන ලෝකයේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය දෙන්නා වන චීනයට මේ හේතුවෙන් නව අභියෝගයක් මතුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

2000 වසරේ සිට 2017 වසර දක්වා චීනය ලෝකයේ රටවල් 165 ක් සඳහා ලබා දී ඇති ණය වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 843 ක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.ඉන් සියයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයක් පොලී රහිත ණය බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

මේ වන විට චීනය අප්‍රිකානු රටවල් 17 කට ලබා දී තිබු පොලී රහිත ණය 23 ක් මේ වනවිට කපා හැර ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.  



අදහස් (0)

චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න දෙවරක් හිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 453 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site