IMG-LOGO

චක්‍රලේඛයක් අමාත්‍යංශවල වැඩට බාධා කරයි

(දයාසීලි ලියනගේ)

පසුව මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ රජයේ සියලු ආයතනවල මුද්‍රණ කටයුතු සිදුකරන නමුත් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් නිසා රාජ්‍ය ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම ගැටලුවක් වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි.

පසුගියදා මුදල් අමාත්‍යංශය නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් පසුව මුදල් ලබාදීමේ පදනම මත කටයුතු නොකළ යුතු බවට ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව රජයේ මුද්‍රණාලයට පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු කිරීම ගැටලු සහගත වී තිබුණි.

ඒ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ සියලු මුද්‍රණ කටයුතු සහ අනෙකුත් සෑම ආයතනයකම නිවාඩු ඉල්ලුම් පත්‍රයේ සිට සියලුම මුද්‍රණ කටයුතු සිදුකරනු ලබන්නේ පසුව ගෙවීමේ පදනම මතය.

උදාවී ඇති තත්ත්වය නිසා පාර්ලිමේන්තුව ඇතුළු රජයේ සියලුම ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම අර්බුදකාරී වී ඇති බව වාර්තා වේ.

 



අදහස් (0)

චක්‍රලේඛයක් අමාත්‍යංශවල වැඩට බාධා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site