
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි නැමැත්තා ඝාතනය කිරීම සඳහා සඟවා තැබූ බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 10 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අහුන්ගල්ල පොලිස් වසමේ ජම්බු ගස් වත්ත, වැලිතර ගල් වල , ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී එම ගිනි අවිය සහජීව උණ්ඩ සොයාගෙන ඇත .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සිල්වා මහතාට ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයාගෙන ඇත.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි විසින් ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ මස්සිනාව ඝාතනය කිරීම හේතුවෙන් එයට පළිගැනීමක්ලෙස ලොකු පැටී අධිකරණයට රැගෙන යන අවස්ථාවේදී ගිණි අවි කීපයකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කළ සැලසුමකට යොදා ගැනීමට නියමිතව මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබන්නට ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ගිනි අවිය සහ ජීව උණ්ඩ මෙම ස්ථානයේ සැඟවූ කරන්දෙනිය සුද්දාගේ සමීපතමයන් සොයා විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඝාතනයට සඟවා තිබු අවි- උණ්ඩ සොයාගනී