IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුරු සංගම් විරෝධයෙන් කොළඹ මාර්ග අවහිරවෙයි - වීඩියෝ

(රංජන් කස්තුරි සහ ඩයනා උදයංගනී)

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ දී අද (22) උදෑසන ආරම්භ විය.

මෙම උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටිති.

කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන අතර මේ හේතුවෙන් මාර්ග අවහිරවීමෙන් කොටුව හා ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද  පවත‍ෙ

වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 

 



අදහස් (11)

ගුරු සංගම් විරෝධයෙන් කොළඹ මාර්ග අවහිරවෙයි - වීඩියෝ

චන්දිම Thursday, 22 July 2021 12:39 PM

කාර්යාල කාර්ය සහායක මහතෙකුට 55,000. උපාධි 2 ශ්‍රේණිය ගුරුවරුන්ගේ වැටුප 35 - 40,000 සීමාවේ.

:       0       0

janahitha Thursday, 22 July 2021 01:08 PM

අවංක ගුරුවරුත් ඉන්නවා .නමුත් පෙරමුණේ ඉන්නේ දේශපාලනය පමණක් කරන වාමාංශික ගුරු හොරු පිරිසක්

:       0       0

Deepal Nirosh Thursday, 22 July 2021 01:31 PM

උද්ඝෝෂණ කිරීමේ ගැටළුවක් නැහැ, ඒත් මේ වගේ සෞඛ්‍ය අනාරක්ෂිතව රැස්වුණොත් අවසාන විසඳුම ඉතින් ඩෙල්ටාම වේවි.

:       0       0

Pathum Thursday, 22 July 2021 01:44 PM

තමන්ගේ වටිනා කාලය නාස්ති කිරීමක්, ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා .

:       0       0

විජිත් Thursday, 22 July 2021 02:08 PM

ජයවේවා !!! දුෂිත පාලනය පෙරලා දමා , නව ජනාධිපති වරයෙක් සහ ප්‍රගතිශීලි නව රජයක් ගොඩනගමු. දුෂිත චෝදනා ඇති සියලුම දේශපාලුවන් නිතිය ඉදිරියට ගෙන එමු.

:       0       0

බද්රානි Thursday, 22 July 2021 02:26 PM

මෙහි පහළින් තියන දෙවෙනි හා හතරවෙනි ෆොටෝ වල ඉන්න හාදයා කවුද? ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳන්න ආපු.. රටට ලැබිය යුතු ආදායම තමන්ගේ පොකට් එකට දාගෙන හිටිහැටියේ ධනපතියෙක් වුණු කොමාන්ඩෝ කාරයෙක්ද? කටින් ගහලා ප්‍රශ්න විසඳලා ඵලක් නැහැ. පවතින උද්ද්ධනය හමුවේ ගුරු වැටුප් විෂමතා ඉවත් කර විසඳුම් ලබා දෙන්න. රටේ ජනතාවගෙන් බහුතරය පුන්නක්කු කෑවාට ගුරුවරුන්ට පුන්නක්කු කාලා ළමයින්ට උගන්වන්න බැහැ. කීරි සම්බා කිලෝ එකක මිල මේ මාස කිහිපය තුළ රුපියල් සියයකින් වැඩි වෙලා. ඉතින් අනිත් දේවල් ගැන කතා කරන්න ඕනෑ නැහැනේ. මේ රට බංකොළොත් බව මුලින්ම දැනුනේ ගුරුවරුන්ටයි. දැන්ම මෙයට විසඳුමක් දුන්නේ නැත්නම් ඉදිරි කාලය තුළ මේ රට මහත් ව්‍යවසනයකට පත්වේවි... කරුමේ කියන්නේ ලෝකයේ පවතින වසංගත වාතාවරණය තුළ දේශප්‍රේමීන්ට පිටරටකට පැනගන්න වත් අවස්ථාවක් නැහැ...

:       0       0

මුණසිංහ Thursday, 22 July 2021 03:45 PM

ගුරුවරුන් ගේ මේ ගැටළු ඇදිලා යනවා වැඩියි. ඊළඟ කොවිඩ් පොකුර ස්ථිරවම මෙතැනින් පටන් ගන්නවා. අති විශාල ගුරුවරු පිරිසක් පොසිටිව් වෙනවා වළක්වා ගන්න බැරි වෙනවා. මේ අධ්‍යාපන ඇමතිවරයා වහාම ඉවත් කරන්න. ලේකම් වරයාත් එක්කම. මේ වගේ අකාර්යක්ෂම අධ්‍යාපන ඇමැතිවරයකු සහ ලේකම් කෙනෙක් ඉතිහාසයටම ඉඳලා නැතිව ඇති. පහුගිය අවුරුදු දෙකටම මෙලෝ දෙයක් නොකෙරුණු තැනන් ඔතන...

:       0       0

Kasun Thursday, 22 July 2021 05:09 PM

ගුරුවරු පුදුම ආදර්ශයක් දෙන්නේ ළමයින්ට... මෙහෙම ගුරුවරු මොකටද? කොහෙන් හරි චීවරධාරියකුත් ඉන්නවාමයි.. අනිත් කිසිම ආගමක අය මෙහෙම හැම එකටම එන්නේ නැහැ... ඒකට හාමුදුරුවරු... අනාගතයත් ඉවරයි, ආගමත් ඉවරයි.

:       0       0

SL Thursday, 22 July 2021 05:48 PM

පටන් ගත්තේ කොතලාවල පනතින් " නිදහස් අධ්‍යාපනය බේරා ගනිවු !" කියල අවසන් කලේ " අපේ පඩි වැඩි කරවූ " .. කොවිඩ් අස්සේ රජයේ බදු ආදායම පිච්චියට වැටිලා රජයේ පඩි ගෙවා ගන්නත් බැරිව ඉද්දී... ජවිපෙ අයට වුවමනා වුණා දරුවන් බිල්ලට තියලා හරි ඔවුන්ගේ දේශපාලනේ කරන්න...

:       0       0

කිරි පුතා Thursday, 22 July 2021 06:47 PM

රටේ සැබෑ තත්ත්වය තේරුම් නොගෙන, N.G.O. කුක්කන් වන දේශපාලන පක්ෂවලට කඩේයමින් මොවුන් මේ කරන්නේ, පටු, අසත්පුරුෂ, නින්දා සහගත ක්‍රියාවක්... සාමාන්‍ය ජනතාව මෙය තරයේ හෙලා දකිනු ලබයි. මෙවැනි උද්ඝෝෂණ කරන කාලයක් නෙවෙයි මේක...

:       0       0

බද්රානිSunday, 25 July 2021 02:34 AM

බල්ලා ගියා , ආවා මෙතන ජරාව කාලා ගේ ඇතුල ගඳ ගස්සන්න. වලව්වේ උන්ගේ අසුචි කෑවා නම් වලව් වත්තේ පහරපිය මෙතන ජරා කරන්නේ නැතුව. ගුරුවරුන්ටත් බුරන බල්ලා!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 469 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1846 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1428 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 801 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1966 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 96 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site